අද මේ රට ඉතාමත් නරක තත්ත්වයට පත්වෙලා ඇති බව ඊයේ(27) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවතී මාධ්‍ය හමුවට සහාභාගී වෙමින් සමගි ජන බලවේග පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා

අද මේ රට ඉතාමත් නරක තත්ත්වයට පත්වෙලා. ඊයේ ඉන්ධන මිල මේ වසර තුළ 5 වෙනි වතාවටත් වැඩි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. එය ඉතිහාසයේ වැඩි වෙච්ච විශාලතම ප්‍රතිශතයයි. මේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව මොකක්ද අපේක්ෂා කරන්නේ ඉන්ධනත් සමග තමයි ජනතාවගේ කර්තව්‍යයන් බැදිල තියෙන්නේ මේ මොහොතේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව සිදුකර තිබෙන්නේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක්.

ආණ්ඩුව ජනවාරි ජුනි ඇතුලත අවස්ථා ගණනාවක් ඉන්ධන මිල වැඩි කළා. එහිදී එයට සමානව අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ මිල මිල යන ඉහළ ගියා. ඒ බව විශේෂඥයන් හා රටේ පාලකයන් දන්නවා නමුත් තෙල් මිල වැඩිකිරීම නිසා රටේ අවාසනාවන්ත තත්වය අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ.

අද රටේ ජීවන වියදම වැඩිවීම 150 %කට ආසන්නයි. ලෝකයේ වැඩියෙන්ම උද්ධමනය වාර්තා වෙන රටවල් අතර අපි දෙවැනි තැනට පත්වෙලා. ආසියාවේ පාකිස්ථානය වැනි රටවල අපට යටින් තියෙන්නේ දරුණු තත්ත්වයක රට යන මේ මොහොතේ තිබෙන්නේ එහිදී මොකක්ද විසඳුම කියන්න ආණ්ඩුවේ නායකයන්ට බැරි වෙලා.ඉන්ධන මිල වැඩිවීම ආණ්ඩුව නොකළ යුතු දෙයක් හැම දෙයක්ම ජනතාව පිට පටවමින් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩිවීම ජනතාවට බරක් කරමින් ආණ්ඩුව අත සෝද ගන්න උත්සාහ කරනවා ඒ ගැන අපි කණගාටු වෙනවා තෙල් මිල වැඩි වුණත් එය සපය ගන්න නොහැකි මට්ටමකට ආණ්ඩුව ඇද වැටිලා. ආණ්ඩුව බලයට එන විට පෙට්‍රල් ලීටරයක මිල තිබුණේ 177 ට .අද එය 470 ක් දක්වා ඉහළ ගිහින් ඩීසල් තිබුණේ 121 දැන් 460 ක් දක්වා වැඩි වෙලා එය ඉතාමත් නරක තත්වයක් ඒ හා සමානවම ජනතාවගේ ආදායම වැඩි වුණේ නැහැ . ඒ නිසා ආණ්ඩුවෙන් අපි අහනවා මේ ආකාරයෙන් ඛනිජතෙල් , ගෑස් , විදුලි ප්‍රශ්නය විසඳන්න හා උද්ධමනය පාලනය කරන්න ආණ්ඩුව ගත්ත උත්සාහය මොකක්ද ?කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. අපි සමගි ජනබලවේගය විදියට මීට මාස ගණනාවකට පෙර කිව්වා සර් ෆේල් කියලා. එසේ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කරපු පියවරයන් නිසා රට අසාර්ථක වෙනවා දැකීම හේතුවෙන්. ඒ කතාව අද අපිට වෙන විදියකට කියන්න වෙනවා සර් පමණක් නෙමෙයි සර්ලා දෙන්නම ෆේල් වෙලා අගමැති රනිල් වික්‍රමසිංහ තවම තනතුරට ඇවිත් පස්වන සතිය කිසිදු මූලික ප්‍රශ්නයකට ආණ්ඩුවට උත්තර හොයන්න බැරි වෙලා.

අද වන විට රට පුරා ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුත්ත සම්පූර්ණම අසාර්ථක ව්‍යාපෘතියක් නමුත් විසඳුම මොකක්ද, ඛනිජ තෙල් ඇමතිතුමා ඊයේ මාධ්‍යයට කිව්වා token ක්‍රමයක් පාවිච්චි කරනවා කියලා. එය සලාක ක්‍රමයක් ඇත්තටම එහෙම දෙන්න වත් තෙල් බිඳුවක් මේ රටේ නැහැ. ඒ වගේම අංක පිළිවෙළ අනුව සතිපතා තෙල් ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරනවා කිව්වා එහෙම කරන්නත් ඉන්ධනහල් වල තෙල් තියෙන්න ඕන හැබැයි එහෙම තෙල් ලබාදීමේ ක්‍රමවේදයක් ඉන්ධනහල් වල නැහැ. අද වෙනකොටත් බහුතරයක් තෙල් බෙදාහරින්න ගෙන්නාගන්න තෙල් නොමැති තත්ත්වයට පත්වෙලා. ඊයේ අපූරු විසඳුමක් ඛණිජතෙල් ඇමැති කිව්වා ලංකාවේ තෙල් බෙදා හැරීම සඳහා තිබෙන ඉන්ධනහල් විදේශ සමාගම් වලට විකුණා දමන්නට ආණ්ඩුව තීරණය කර බව කියනවා. ඒ ගැන කැබිනට් මණ්ඩලය තීරණය ගන්නවා කිව්වා ඒ කියන්නේ ලංකාවේ තිබෙන ඛනිජතෙල් සංස්ථාව සතු ඉන්ධන හල් විදේශ සමාගම් කිහිපයකට විකුණා දමන්නට ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. ඒ සඳහා නිල වශයෙන් අනුමැතියක් ලබා ගන්න බව තමයි කියන්නේ. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ශ්‍රී ලාංකික අයිතිය තියෙනවා ඒ ව්‍යාපාර සියල්ල විකුණා සල්ලි කරන්න බලනවා ඒක විසඳුමක් නෙමෙයි තෙල් හිඟයට විසඳුමත් ඉන්ධනහල් විකිණීම නෙමෙයි indian ඔයිල් සමාගමට ලංකාවේ තෙල් බෙදාහැරීමේ සංස්ථාව සතුව තිබුණු ඉන්ධන හල් වලින් 30%ක් මීට වසර කිහිපයකට කලින් විකුණලා දැම්මා. හැබැයි ඉන්දියන් ඔයිල් සමාගම මැදිහත් වෙලා ඒ 30%න් හරි ඔවුන්ට පුළුවන් වුණාද ඔවුන්ගේ ඉන්ධනහල් වල තියෙන තෙල් අලෙවි කරන්න ඒවට තෙල් නැහැ. මේ අර්බුදය අස්සේ ලංකාවේ සම්පත් විදේශ සමාගම් වලට විකිණීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අර්බුදය මැද නැවත වතාවක් ලංකාවේ දේශීය සම්පත් විකුණලා දාලා ප්‍රශ්නය වෙනත් පැත්තට හරවල නිදහස් වෙන්න එය කණගාටුදායක තත්වයක්. මේ මොහොතේ ආණ්ඩුව අනුගමනය කරන මේ උපාය මාර්ගය වන තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධත්වය පළකරනවා. මේක නෙවෙයි විසඳුම තෙල් ගෑස් විදුලිය සසැපයීම ආන්ඩුවේ මූලික වගකීමක් එය ඉෂ්ට කරන්න ආණ්ඩුව අසමත් වෙලා මේ කරන්නේ අර්බුදය අස්සේ මුදල් හම්බ කිරීමක්.

මේ වෙන විට මහ බැංකුව මොකක්ද කරන්නේ පහුගිය දින 10ය තුළ රුපියල් කෝටි 4000ක් සල්ලි අච්චු ගහලා මහ බැංකු අධිපති එහෙම ක්‍රියාදාමයකට යන්නේ නෑ කිව්වත් එය සිදුවෙලා තියෙනවා එය වෙළඳපොළට නිදහස් කිරීම හරහා උද්ධමනය වැඩි වෙන බව ඕන කෙනෙක් දන්නවා. පහුගිය කාල සීමාව තුළ රුපියල් බිලියන 386 කට වැඩිය මුදල් අච්චු ගහලා. ආණ්ඩුව හිතන්නේ මේ රටේ උද්ධමනය ඇති වෙනකොට රටේ ප්‍රශ්න එනකොට ඒකට විසඳුම සල්ලි අච්චු ගහලා බෙදාහරින එක කියලා .ඒ හරහා රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙනවා. මේ වනවිට කට්ටිය කිව්වා තරගයේ වීරයා රනිල් වික්‍රමසිංහ කියලා හැබැයි ඔහු අගමැති ධුරය දරන මේ කාල සීමාවේ තමයි වැඩිපුරම සල්ලි අච්චු ගහල තියෙන්නේ ඒකෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ,ආණ්ඩුවටත් නිදහස් වෙන්නත් බෑ .මේ කරන වැරදි පූර්වාදර්ශය තුලින් අවසානයේ සිදුවන්නේ නරක රූපයක් ආර්ථිකය පිළිබඳව ඇති වෙන එක.

අද ගෑස් බෙදාහැරීමටත් ගෑස් ගෙන්වාගන්න මාසෙකට වැයවෙන මුදල රුපියල් ඩොලර් මිලියන 30යි තෙල් වලට ඩොලර් මිලියන 500ට වැඩිය මේ දවස් වල යනවා ඒ මුදල් හොයාගන්න බැරි ආණ්ඩුවක් ඇයි ඒ බැරිවුනේ එක පැත්තකින් ආණ්ඩුව කියනවා අපනයන ආදායම වැඩි වෙලා කියලා සාමාන්‍යයෙන් අපිට අපනයන ආදායම ඩොලර් මිලියන 1000ත් 1200 අතර ප්‍රමාණයක් වරින් වර මාරු වෙමින් එනවා සංචාරක ව්‍යාපාරයක් පහලට වැටිලා ඒ තුළින් ඩොලර් මිලියන 600ක් /700ක් හොයපු එක දැන් එය 100ටත් අඩු වෙලා අපේ විදේශ ප්‍රේෂණ යනු 50% කින් අඩු වෙලා ඒක වෙනම කිසිම කාරණයක් නිසා නෙමෙයි මේ ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය බිදුනු නිසා විදේශගත ශ්‍රමිකයන් සල්ලි එවන්නේ නෑ රටට මේ සියල්ලම එකතු කරල ගත්තොත් අපිට ඇත්තටම ඩොලර් මිලියන 1500 ක ට ආසන්න මුදලක් මාසිකව ලංකාවට එනවා එතකොට අපට ලැබෙන ආදායමෙන් වියදම කොච්චර ද යන්නේ ඒ දිහා බැලුවොත් බිලියන දෙකක් විතර වියදම් යනවා අපි අහන්නේ මේ අතර වෙනස ඩොලර් මිලියන 500 ක් 604 මේ වෙනස සදහා අපි මොකක්ද කළ යුත්තේ කියන එක ආණ්ඩුවට තීරණය කර ගන්න බැරි වෙලා. පහුගිය මාස කීපයට ඉන්දියාවෙන් තෙල්ටික ලැබුණා. එහෙම කරලා තියෙද්දි ඇයි අපිට ලැබෙන ආදායම සමබර කරගෙන මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න යොදා ගන්නේ නැත්තේ කළමනාකරණයක් නැති කම නමුත් අගමැතිතුමා යෝග කරන්න යනවා තව වෙලාවකට ඉඩම් ඔප්පු බෙදන්න යනවා සාකච්ඡා තියෙනවා අපි අහන්නේ ඇයි මේ බිඳවැටෙන ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා පූර්ණ කාලීනව යෙදිලා මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු නොකරන්නේ. මේ භයානක කම ආර්ථික විශේෂඥයින් කිහිප දෙනෙක් පෙන්වා දී තිබෙනවා රටේ ආර්ථිකය බිඳ වැටීම ගැන ඕස්ට්‍රේලියාව ප්‍රවෘත්ති වාර්තාවක තියෙනවා ලබන ඔක්තෝබර් මාසය වන විට ඩොලරය 450ක ඒම වළක්වන්න බැහැ කියනවා ඒ අයගේ අනාවැකි අනුව ඒ විතරක් නෙමෙයි රජයේ රෝහල් වලින් 80%ක් අඩපණ වෙනවා කියනවා ඒක දැනටමත් බෙහෙත් ටික නෑ දොස්තරවරුන්ට සේවයට යන්න විදිහක් නෑ බරපතළ ලෙස රෝහල් පද්ධතිය කඩා වැටිලා හදිසි ශල්‍යකර්ම කරන්න බැරි තත්ත්වයක් එන බව කියනවා ඒව නැවතිලා ඒවට අවශ්‍ය බෙහෙත් නෑ රජයේ පාසල් ක්‍රියාත්මක වීම අත්හිටුවන තියෙනවා අධ්‍යාපනය නවතිනවා කියන්නේ විශාල හානියක් කෝවිඩ් වසංගතයෙනුත් අධ්‍යාපනයට හානියක් සිදු වුණා නැවතත් ඉන්ධන ප්‍රශ්නය බලපානවා අපි අහන්නේ මේ හරහා අනාගතයේ බුද්ධිමතුන් බිහි කරන්න ධනවතුන් බිහි කරන්න තියෙන අවකාශය විශාල බිඳ වැටීමකට ලක් වෙනවා. ඕස්ට්‍රේලියානු සඟරාව කියන්නේ මේ විදියට ගියොත් පෙට්‍රල් ලීටරයක් 600ට එහා යනවා කියනවා දැනටමත් 550ක් වෙලා ඊට වඩා බරපතළම දේ තමයි ආහාර හිඟයක් ඇති වෙන බව කියනවා මොකක්ද ඒකට තියෙන පිළියම ආණ්ඩුව ඊයේ පෙරේදා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුවක් එයට මමත් සහභාගි වුණා නමුත් කියන්න කනගාටුයි මට තේරුණා අයාලේ යන්නේ කියලා. යෝජනා කරන්නේ ආහාර හිඟයට අපි කළ යුතුව තියෙන්නේ ගෙදර තියෙන මල් පෝච්චියේ පවා මිරිස් පැළයක් මඤ්ඤොක්කා හිටවලා එයට විසඳුම හොයමු කියලා. ඇත්තටම එහෙම විසඳන්න පුළුවන් කියල සරලව ආණ්ඩුව හිතනවා නම් කණගාටුවට කාරණාව අපි ආහාරයෙන් ගැට මුහුණ දෙන්න නම් ලංකාවෙ ඉදිරි මාස 4 තුළ අඩුවෙන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 අපි කොහොමද ඒ පුරවන්න පියවර ගන්නේ කියලා තීරණය කරන්න ඕන .ඒක ගේන්නේ කොහොමද වගා කරන්නේ කොහොමද කියලා සැලැස්මක් තියෙන්න ඕන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කිසිදු සැලසුමක් ආණ්ඩුවට නැහැ .අයාලේ යන වාර්තාවන් හදනවා අපි වවමු රට හදමු කියලා හැමතැනම පොත් ගහලා බෙදනවා හැර නිෂ්පාදනයක් නැහැ එයට අවශ්‍ය පොහොර බෙහෙත් ටික දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තව නරක දෙයක් සඟරාව කියන විදිහට මංකොල්ලකෑම් දූෂණ හොරකම් වැඩි වෙන්න ඉඩ තියෙනවා ඒ සියල්ල සිදුවන්නේ රටේ අනපේක්ෂිත තත්ත්වයන් එක්ක එතකොට රටක් වශයෙන් අපට ඉස්සරහට යන්න පුලුවන්ද. මේ වගේ කඩාගෙන වැටිච්ච රටවල් යළි ගොඩ නැගුණේ කොහොමද 1991 ඉන්දියාව මෙවැනිම අර්බුදයකට මුහුණ දුන්නා මංමෝහන් සිං මුදල් ඇමතිවරයා කාලයේ එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා පමණක් නෙවෙයි රටට ජාතික වැඩපිළිවෙළක් සැලසුමක් ඇති පියවර කිහිපයකට ගියා ඒ තුළින් අද වෙන විට ලෝකයේ බලවත්ම රට විදියට පරිවර්තනය වෙමින් තියෙනවා ඇයි අපිට බැරි තවමත් මේ ප්‍රශ්නය මොකක්ද කියලා හරියාකාරව තේරුම් අරගෙන නැහැ ඒ වගේම මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න විසඳුමක් හොයන්න කිසිදු ආකාරයක උවමනාවක් ආණ්ඩුවට නැහැ අපි විශේෂයෙන්ම කියනවා මේ කුමන මාර්ගයෙන් අද ආණ්ඩුව කතා කලත් මේ ප්‍රශ්නය තාමත් ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ. මිනිස්සු ඉල්ලන්නේ තමන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් පමණක් නෙමෙයි කාලා ඇඳලා ඉන්න පුළුවන් රටක් ගොඩනඟලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් ආණ්ඩුවට කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක් නැහැ.

දැන් 21 වන සංශෝධනයක් ගැන කතා කරනවා දැන් එක්ත අමතක වෙලා යනවා 21 සම්පූර්ණ කරා කියලා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ නමුත් මිනිස්සු හිතුවා මේ රටේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන සාධාරණත්වය ඉටු වෙන සහ විනිවිද භාවයකින් යුතු පාලනයක් ඇතිවෙනවා දකින්න. ඒ වෙනුවෙන් ඔවුන් ඉල්ලුවේ 19 වැනි සංශෝධනයට සමානව නීතිය යළි ගෙනල්ලා 21 ශක්තිමත් කරන්න කියලා කාරණය හැබැයි ඒ ගැන කතාවක් නැහැ සංශෝධන පැත්තකින් තියලා සම්පූර්ණ ව්‍යවස්ථාවක් ගැන කතා කරමින් කාලය නාස්ති වෙනවා.

අද පත්වෙලා තිබෙන තත්වය ගැන මාධ්‍ය වාර්තා පළ වෙලා තියෙනවා ඇත්තටම රටේ තත්වය දරුණුයි පාසල් යන දරුවන් ත්‍රීවිලර් එක තල්ලු කරනවා බස් රථයේ පිටි පස්සේ බඩු පටවන ස්ථානයේ රිංගලා යනවා කෝච්චිවල උඩ යන්නේ එහිදී ඉන්දියාවේ තත්ත්වය මතක් වෙනවා ඉතා නරක තත්වයට රට පත් වෙලා මේ තත්ත්වය හමුවේ තවදුරටත් පීඩනකාරී තත්ත්වයට විසඳුමක් හොයාගන්න ආණ්ඩුව සමත් වෙනවාද නැද්ද කියනවා කිව්වොත් පැහැදිලි ආණ්ඩුව අසමත් කියන එක ඒ නිසා සර් විතරක් නෙවෙයි සර්ලා දෙන්නම ෆේල් තවදුරටත් රටේ අභාග්‍යය තත්ත්වය වැඩි කරන්නේ නැතුව විසඳුමක් ඉදිරිපත් කරන්න එය කරන්න බැරිනම් ආණ්ඩුව කරුණාකර ඉල්ලා අස්වෙලා ගෙදර යන්න මොකද මේක විසඳ ගන්න පුළුවන් කණ්ඩායම් එක්ක එකතු වෙලා එයට විසඳුම් හොයන්න පුළුවන් දැන් ජාත්‍යන්තර අරමුදල ලෝක බැංකුව ඇමෙරිකානු නියෝජිතයින් විශාල සංඛ්‍යාවක් ඇවිත් ඉන්නවා ඔවුන් හැම දෙනාම කියන එකම කතාවක් තියෙනවා එය මේ රටේ පිළිගත හැකි පාලනයක් ස්ථාපිත කළ යුතුයි දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනඟා ගත යුතුයි විනිවිද භාවයෙන් යුතු පාලනයක් ඇති කර යුතුයි පාලනය එය ඇති වෙන්නේ නැත්තං කිසිසේත්ම ඔවුන් උදව් කරන්නේ නැහැ .නරකම තත්ත්වයක් එංගලන්තයේ mark brown මහත්මයා කියලා තියෙනවා ඔහු රාජතාන්ත්‍රික ඔහු කියනවා ලංකාවට ආධාර දෙන්න එපා කියලා රාජතාන්ත්‍රික වශයෙන් ඔවුන් කියන්නේ ඇයි ලංකාවට දෙන හැම සතයක්ම හොරකම් කරනවා කියලා. මේ විදිහට විදේශ ආයතන කීපයක්ම ප්‍රකාශ කර තියෙනවා .ඒ නිසා තවදුරටත් කියනවා මේ අර්බුදය සෙල්ලම් කාරණාවක් නෙමෙයි සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ යන්නේ දරුණුතම වකවානුවක් පසු කරනවා ඉදිරි මාස කිහිපයේ මෙය දරුණු වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ආණ්ඩුවෙන් නැවතත් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නය සඳහා සැබෑ විසඳුමක් හොයන්න මැදිහත් වෙන්න ලැබෙන මුදල් ටික අරපිරිමැස්මෙන් වියදම් කරන්න සැලසුමක් ඉදිරිපත් කරන්න මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒම සඳහා පියවර අනුගමනය කරන්නේ ජාතික මට්ටමේ පියවරවල් කියන එක රටට පැහැදිලිව කියන්න එහෙම නැතිව පැයෙන් පැය කතා කරමින් ස්ථාවරය වෙනස් කරමින් ක්‍රියා කිරීම හා හරහා රට කඩා වැටීමට ලක් වෙන එක වළක්වන්න බැහැ ය භයානක අභාග්‍ය සම්පන්න තත්ත්වයක්.

තෙල් ඇමතිවරයා දිනපතා ට්විටර් එක මාර්ගයෙන් හා මාධ්‍ය සාකච්ඡාවක් මගින් ඉන්ධන අර්බුදය ගැන දැනුවත් කරනවා එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් කරනවා ඇත්තටම විය යුත්තේ කුමක්ද මිනිසුන්ට නැති බැරි කම කිය කිය ඉන්න එක නෙමෙයි ඛනිජතෙල් ඇමති තුමා සතියකට ඉස්සරවෙලා කිව්වා තෙල් නැවක් 23 වෙනිදා එනවා කියලා ඊට පස්සේ නැවත එන්නේ නැහැ සමාවෙන්න කිව්වා අපි අහනව ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිසිදු වගකීමක් නැති ප්‍රකාශ කරනවද ඒ තෙල් නැව ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වෙන්න පෙර සල්ලි ගෙවන්න බැරි කම නිසා ආපහු ඉන්දියාවට ගියා කියලා මාධ්‍ය වාර්තා කරනවා මේ තරම් අසාර්ථක තත්ත්වයකද රටේ ඇමතිවරයෙක් ආණ්ඩුවක් ඉන්නේ මේ ආකාරයේ ප්‍රශ්න විසඳන මැති ඇමැතිවරු නම් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ දිනපතා අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නයට විසඳුම් හොයන ඇමතිවරු විසඳුම් වෙන අගමැතිවරයෙක් කිසිදු මූණ ජනාධිපතිවරයෙක් එහෙම නිදහසට කරුණු කියන ජනාධිපතිවරයෙක් නෙමෙයි දැන් රටේ ජනතාවගේ අපේක්ෂාව කුමක්ද බලාපොරොත්තුව කුමක් ද කියලා අගමැති ජනාධිපතිවරු වත් දන්නෙ නෑ එහෙම කරනවා නම් ඒ වෙලාවේ හෝ ගා කරමින් ඉඩම් ඔප්පු බෙදන්න යන්නේ නැහැ දගත්ම දේ රටේ ජනතාව මුහුණ පාන ප්‍රධාන ප්‍රශ්න වලට උත්තර හොයන එක තෙල් ටික වෙලාවට බෙදන්න ඒවට අවශ්‍ය මුදල් හොයන්න විදේශ ප්‍රජාව එක්ක කතා කටයුතු කරන්න අර්බුදයෙන් ගොඩ එන්න මොනවිදියටද පියවර ගන්න කියල කල්පනා කළ යුතුයි ඒක පැත්තකින් තියලා කිසිවක් නොදුටු සේ ඔවුන් පැත්තකට වෙලා ඉන්නවා ඒ නිසා මට පේන කිසි ඇමතිවරයෙක්ගේ අගමැතිවරයෙක් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව වැඩක් නැහැ.