නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ප්‍රවේශ ගාස්තු සියයට 257 කින් වැඩි වී ඇති බවත් දැනට ගෙවන 67500ක මුදලක් ගෙවා ගන්න බැරිව එය කොටස් දෙකක් යටතේ රුපියල් 40000 හා 27500 ලෙස ගෙවා ගන්නට දුන්නත් එය ගෙවා ගන්නත් බැරි තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විභාග ගාස්තුවත් 2500කින් වැඩි වී ඇති බවත් සානුකම්පිතව මේ ගැන සිතා ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිශතය අඩු කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේ.