සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අද දින අගුණු කොළ පැලැස්ස බන්ධනාගාරයට ගොස් ඇත.

‌මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ෆොන්සේකා මහතා කියා සිටියේ රන්ජන් රාමනායක මහතාගේ තත්ත්වය සම්බන්ධයෙන් කනගාටු වන බවයි.

ජේසී අලවතුවල, අශෝක අබේසිංහ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ