කතානායක මහින්දයාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂ විසින් ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාව අනිවර්යෙන් පාර්ලිමේන්තුව තුල කළ යුතු ක්‍රියාවක් බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ඔන්ලයින් සේෆ්ටි පනත් කෙටුම්පත සදහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ නොතකා හරිමින්, පනත සම්මත කරගැනීමට කටයුත-ු කිරීම, යන චෝදනා මූලික කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසු ගෙන එන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ.

කථානායකවරයා රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කරමින් මාර්ගගත ආරක්ෂණ පනතට අත්සන් කළ බවත් එයට විරුද්ධව පොදු විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) පැවසීය.

වත්මන් රජය මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කර පොලිස් රාජ්‍ය හා ආඥාදායක පාලනයක් කරා ගමන් කරන බව කී ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ මාර්ග ගත ආරක්ෂණ පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්මත වූ පනතක් නොවන බවත්ය.

සමගි ජන බලවේගය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කළ ජල හා කඳුළු ගෑස් පිළිකුලෙන් හෙළා දකින බව කී පීරිස් මහතා විපක්ෂ නායකවරයෙක්ට මෙවැනි ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ඉතිහාසයේ කිසිදා එල්ල නොවූ බව ද සඳහන් කළේය.

කථානායකවරයා විපක්ෂයේ අදහස්වලට පයින් ගසා මෙම මාර්ගත ආරක්ෂණ පනත සම්මත කරගත් බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට මරු පහරක් මෙන්ම එම පනතින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටට අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බවත් පැවසීය.