ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන ඉන්දීයාවේ 2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර අද දින (19) ආරම්භ වෙයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන නමුත් විරුද්ධ පක්ෂ පවසන්නේ, ඔහු බලයේ සිටියහොත් ඉන්දියානුවන්ට බොහෝ අයිතීන් අහිමි වීම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බව ය.

පළමු අදියර යටතේ මන්ත්‍රීවරුන් 102ක් තෝරා ගැනීම සඳහා කෝටි 16.63ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා ඡන්ද විමසීම සිදුකෙරේ.

ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීම ලබන ජුනි මස 4 වනදා සිදුකිරීමට නියමිතය.