මේ වන විට රට තුල පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් ඖෂධ වර්ග 140ක් නවතා ඇති බවත් ශල්‍යය කර්ම නවතා ඇති බවත් ඊයේ(13) විපක්ෂනායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා.

ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා බෙහෙත් වර්ග 140 ක් හිඟයි කියලා. එහෙම හිඟය ඇමැතිවරයාත් පිළිගන්නවා ඒ වගේම අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නතර කරන්නත් තීන්දු කරලා අපි අහන්නේ මොනවද ඒ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම. මේ රටේ මිනිස්සු රෝහලකට ගිහිල්ලා වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තමයි ශල්‍යකර්ම කරන්නේ එහෙම නැතුව ජොලියට ඔපරේෂන් එක කරලා දෙන්න කියලා කියන්නේ නැහැ. වෛද්‍ය‍වරුන් ශල්‍යකර්ම නිර්දේශ කරන්නේ අත්‍යවශ්‍ය නිසා. මම සෞඛ්‍ය අමාත්‍යංශ අහන්න කැමති අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම මොනවද ‍අත්‍යයවශ්‍ය නොවන කියලා ශල්‍යකර්ම නොකර ඉඳලා ඊට පස්සේ ඒක අමාරු තත්ත්වයට පත් උනොතින් එකපාරටම රෝහල් වල තියෙන තදබදය වැඩි වුනොත් මේ රටේ ජනතාවගේ ජීවිත වලට වග කියන්නේ කවුද. මට හිතාගන්න බෑ රජයක් මේ රටේ ජනතාව මෙහෙම බිල්ලට දාන්නේ කොහොමද කියලා. බෙහෙත් තියෙනවා නම් මුදල් දීල ගන්න නැත්නම් මැරිල යන්න ඒ කතාව තමයි මේ චක්‍රලේඛනයෙන් කියන්නේ. අපේ රටේ මිනිස්සු අද කබලෙන් ලිපට වැටිලා. රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවේ ජනතාව බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මේ ආණ්ඩුව කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා නිදහස් උත්සවය සැමරුවා. එයට මිලියන 400කට ආසන්න වියදම් කරන්න පුළුවන් හැබැයි ඒ නිදහස් උත්සවය සමරන කොට අපි කිව්වා ඒ සල්ලි බෙහෙත් ගන්න යොදවන්න කියලා. හැබැයි මේ අය කිව්වා නිදහස් උත්සවය සැමරුවේ නැත්නම් ලොකු අගෞරවයක් කිව්වා දැන් ශෛල්‍ය කර්ම නතර කරන එක අගෞරවයක් විතරක් නෙමෙයි මේ රටේ ජනතාව මරණ මංචකයට යැවීමක්.බෙහෙත් වර්ග 140 ක් නෑ පිලකා රෝහලේ බෙහෙත් නෑ සේලයින් එක,ගෝස් කෑල්ල එලියෙන් අරගෙන එන්න කියනවා.අද සියලු දෙනා එකතු වෙලා මේ ආණ්ඩුව හදලා ඇමතිවරු අනවශ්‍ය ලෙස 38ක් ඉන්නවා කැබිනට් ඇමතිවරු දිනෙන් දින වැඩි කරනවා ඒවාගේ වියදම් අඩු කරන්නේ නැහැ. අත්‍යාවශ්‍ය නොවන්නේ ඇමතිවරුයි ශෛල්‍යයකර්ම අත්‍යවශ්‍යයි . රාජ්‍ය ඇමතිවරු තිස් අටක් සන්තෝසමක් දෙන්න පත්කරගෙන වරප්‍රසාද සියල්ල ලබා දෙනවා. ඒ අයට ඇයි බැරි කියන්න අපි වාහන තුනක් පාවිච්චි කරන්නේ නැහැ එකක් ඇති කියලා ඒගොල්ලන්ගෙ කාර්ය මණ්ඩලය දහයක් පහලවක් ඉන්නවා ඒක අඩු කරන්න කියන්න ඉන්ධන දීමනා අයින් කරන්න එහෙම කරන්නේ නැතුව ලැජ්ජ නැතුව ආණ්ඩුවේ ප්‍රධානීන් කියනවා අපේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ට ශල්‍යයකර්ම ටික කරන්න එපා කියලා .කොහොමද මේ අය එහෙම කියන්නේ මේ රටේ ජනතාව වෛර කරන එක ගැන කතා දෙකක් නැහැ .ඉතාම කණගාටුයි අපේ රටේ ඇතිවෙලා තියෙන මේ තත්ත්වය ගැන .ඒ නිසා මේ රටම බලාගෙන ඉන්නෙ මේ අය එලවන්න ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය පොහොට්ටුව සියල්ලම එලවන්න ජනතාව බලාගෙන ඉන්නේ ඒකට මැතිවරණයක් මාර්තු 9 කොමිසම විසින් පවත්වනවා .ඒසේ දින නියම කරලා 22 තැපැල් ඡන්ද ආරම්භ කරනවා මේ ආණ්ඩුව තවමත් උත්සාහ කරනවා මැතිවරණය නොතියන්න .අපිට ආරංචියි කථානායක තුමාට භාර දීල තියෙනවලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දාහතරක් අත්සන් කරලා ඒ අයගේ වරප්‍රසාද කඩකරලා කියලා මැතිවරණ කොමිෂන් සභාව. මේකෙන් උත්සාහ කරන්න වෙන මොනවත් නෙමෙයි තවත් ගුන්ඩුවක් මැතිවරණ කොමිසමට බාධාවක් එල්ල කරන්න .මේක දිගින් දිගටම කරා පුදුම බයක් තියෙන්නෙ මැතිවරණයට ජනාධිපතිවරයා මුලින් කිව්වා මන්ත්‍රී සංඛ්‍යාව බාගෙට බාගයක් අඩු කරන්න ඕන කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවට යෝජනා ගෙනාවා තරුණ නියෝජනය වැඩි කරන්න ඕන කියලා. චක්‍රලේඛන ගැහුවා ඇප මුදල් භාර ගන්න එපා කියලා. ඒ අය අධිකරණයට නඩුවක් දැම්මා මැතිවරණයක් තියන්න සුදුසු වෙලාවක් නෙමෙයි කියලා .නොයෙක් ආකාරයේ මරණ තර්ජන කොමිසමේ නිලධාරීන්ට එල්ල කරා එක්කෙනෙක් ඒ ඉල්ලා අස් වුණා මේ වගේ වාතාවරණයක් තමයි මැතිවරණය ගැන තියෙන්නෙ අද ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උත්සාහ කරනවා ඒ අයගේ වරප්‍රසාද කඩ වීමක් මැතිවරණ කොමිසම සිදු කරල කියලා ඒ අයටත් යම් ආකාරය පාර්ලිමේන්තුව හා බාධා එල්ල කරන්න මිත්රවරුනි ආදරෙ රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණයට තියෙන්නෙ පුදුම බයක් මොකද ඒ අය දන්නවා මේ වෙලාවේ මැතිවරණය ප්‍රතිඵල මොකක්ද කියලා ආණ්ඩුවට විරුද්ධව ජනතාවක් පෙළගැසී සිටිනවා අවුරුද්දක් යන්න කලින් මේ ආණ්ඩුවට ජනාධිපතිවරයාට මැතිවරණ ප්‍රතිඵලය එක්ක ගෙදර යන්න වෙනවා ඒ පුටුවල ඉන්න වෙන්නේ නැහැ ඒක ඉතා පැහැදිලියි ඒ නිසා තමයි මැතිවරණය මේ වෙලාවේ නේ නැතුව ඉන්න උත්සාහ කරන්නේ මුදල් නැහැ කියලා ප්‍රජාතන්ත්‍රවාදය හකුළා ගන්න ඉඩ දෙන්න බැහැ අපි ඉතා පැහැදිලිව කියනවා සමගි ජනබලවේගය බැරිවෙලා හරි මේකට බාධා කළොත් මේ මැතිවරණය වෙනුවෙන් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරනවා මේ අයම අපි කනෙන් අල්ලලා එළියට දාන්න ජනාධිපති අගමැති මේ ආණ්ඩුව කනෙන් අල්ලලා ජනතාවත් එක්ක එළියට දාන්න ඉස්සරවෙලා පැහැදිලිවම කියනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බාධා කරන්න එපා මේ මැතිවරණය කියන්නේ රටේ ජනමතය අවස්ථාවක් කරගන්න ඕන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න.

මෙය ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් වෙනවා අපේ රටට ජාත්‍යන්තර වශයෙන් උදව් වුන වෙලාවක් මූල්‍ය අරමුදල මුදල් ලැබෙනකම් බලාගෙන ඉන්නෙ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අපිට උදව් කරන්න බලාගෙන ඉන්නේ මැතිවරණයට ඇඟිලි ගැසීම් සිදු කරනවානම් ස්වාධීන කොමිසම් වලට ඇගිලි ගැසීම් සිදු කරනවා නම් පැහැදිලිවම ජාත්‍යන්තර සංවිධාන ඒ රටවල් අපිට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕන මැතිවරණය තියන්න ඕන කියලා මේ මැතිවරණය කිව්වේ නැතිවුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ටික ලැබෙන්නෙත් නැහැ වෙනත් රටවල් වලින් ලැබෙන ආධාර ලැබෙන්නේ නැහැ ඒක නිසා අපේ ඉල්ලීමක් කරනවා තමන්ගේ බලයට කෑදර කමට තමන්ගේ ප්‍රතිපත්තියෙන් අමතක කරලා අලි පොහොට්ටු ගිවිසුමකට පත්වෙලා තියෙනවා ඇත්තටම ඉතා ලැජ්ජයි අලි පොහොට්ටු ගිවිසුම කියන්නේ එකට ඡන්දෙ ඉල්ලනවා කියන්නේ තමන්ගේ ප්‍රතිපත්ති සියල්ලම අමතක කරලා ඒ අයගේ වාසියට එකතු වෙලා තියෙන්නෙ ඒ වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න බැහැ ඇමතිවරු විතරයි කියන්නේ මේ වෙලාවේ ඡන්ද ඕන නැහැ කියලා ජනාධිපති අගමැති විතරයි කියන්නේ ඡන්ද මොන නැහැ කියලා ඒ අය කිව්වට මිලියන 22 රටේ ජනතාව කියනවා ඡන්දයක් ඕන මේ අයට පාඩමක් උගන්වන්න කියලා ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මුදල් අමාත්‍යංශ ලේකම් තුමාගේ සමු ජන බලවේගය හැටියට ප්‍රධාන විපක්ෂය විදියට අවශ්‍ය මුදල් ටික අනිවාර්යෙන් මැතිවරණ කොමිසමට ලබාදෙන්න එය ලබා දෙන්න පුලුවන්ද බැරිද කියලා මුදල් කාරක සභාවේ දී මුදල් අමාත්‍යංශය එතුමා ඉතා පැහැදිලිවම කිව්වා මූල්‍ය තත්ත්වය බරපතළ වුණත් ව්‍යවස්ථාපිත කාරණාවක් නිසා මැතිවරණයට අවශ්‍ය මුදල් ටික ලබා දෙනවා කියලා බැරිවෙලා හරි මුදල් අමාත්‍යංශ ලේකම් හෝ වෙනත් නිලධාරියෙක් ඊට බාධා කළොත් අපි ඒ අයට විරුද්ධව නඩු දානවා විතරක් නෙමෙයි දඬුවම් ලැබෙන්නත් අවශ්‍ය කටයුතු නීතිය හරහා කටයුතු කරනවා මුදල් අමාත්‍යංශ ලේකම්තුමනි ඔබතුමා එහෙයියෙක් වෙන්න එපා ජනතාව වෙනුවෙන් රටේ විවස්ථාව වෙනුවෙන් ඔබතුමා පෙනී සිටින්න එහෙම නැත්තං රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් ඕන විදියට වැඩ කරන්න බැහැ පැහැදිලිවම කියනවා මේ කටයුත්ත හරියට කරේ නැත්තං නීත්‍යානුකූලව ඒ මුදල් ටික ලබා දුන්නේ නැත්නම් හිරේ යන්න ලෑස්ති වෙන්න අනිවාර්යෙන්ම ඒ විරුද්ධව කටයුතු කරන සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කරනවා.

මේ මොහොතේ ඉතා කණගාටු වෙනවා අන්තර් විශ්ව විද්‍යාල කැඳවුම්කරු වසන්ත මුදලකට නැවතත් ඇප ලබාදීමට විරුද්ධව උසාවි යන්න සූදානම් වෙනවා අපිට ආරංචි ඒ කටයුත්ත ඊයේ දිනයේදී සිදු වෙලා තියෙනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ කරන කටයුත්ත අපි ඉතා පිළිකුල් ලෙස කණගාටු වෙනවා මොකද මේ රටේ හොරකම් කරපු ් වංචා කරපු අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් ඉන්නවා නඩු ගණනාවක් මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අයින් කරගෙන තියෙනවා අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා වසන්ත මුදලිගේ නෙමෙයි මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය අපේ රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරගෙන ඉන්නව අන්න ඒ මුදල් ටික අපේ රට නැවත ගන්න ඕන ඒකට අවශ්‍ය කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තුව කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න . අද මුළු ආණ්ඩුවටම උවමනාව තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන පෙළ ගැහෙන ඒ අයට හිරිහැර කරලා බාධා කරන එක ඒ නිසා කරුණාකරලා නිතිපති දෙපාර්තුමේන්තුව ඇතුළු මේ රජයේ ආයතන වලට කියනවා හොරාකාපු මුදල් අවශ්‍ය කටයුතු කරන්න.

දහතුන්වන සංශෝධනය ගැන පක්ෂයේ මතය ධ්‍යවේදියකු විසින් විමසා සිටියා එහිදී පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැහැදිලිවම අපි මේ රටේ බලය විමධ්‍යගත කිරීමට අවශ්‍යයි කියන මතය පක්ෂයක් විදියට ඉන්නවා ඒක 13 ද තය කින් අවශ්‍ය වෙනස්කම් සිදු කරනවද ඒ ඕනෑම දේකට නම්‍යශීලී හැබැයි ඉතා පැහැදිලිවම බලය විමධ්‍යගත කළ යුතුයි මේ බලය විමධ්‍යගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කරන්න සම්පූර්ණ සහය දෙනවා නමුත් ඒක මේ වෙලාවේ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කණ්ඩායමට යළි මාතෘකාවක් හදලා රාජපක්ෂවරුන්ට බලයට එන්න ජාතිවාදය ඇවිස්සීම ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ඉටුකරන්නේ යළි රාජපක්ෂවරු බලයට ගෙන ඒම ද යටි අරමුණ කියලා අපිට සැකයක් තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන දේවල් දැන් ගෙදර ඉන්න අය වත් ගනන් ගන්නෙ නැහැ කද ඒ කියපු දේවල් වෙලා නැහැ විශ්වාසයන් ඇතිවෙලා තියෙන්නේ ඒ නිසා තමයි ජනමතයක් ඕන කියන්නේ එතුමා ජනමතය කින් ආපු කෙනෙක් නෙමෙයි මේ ආණ්ඩුව රටේ ජනතා මතය විශ්වාසය නැතිවෙලා ඒ අයව ජනතාව ගහලා එලෙව්වා මං ඇතුලෙ හිටියෙ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් එළියට ඇවිල්ලා ආපහු රැස්වීම් වලට යනවා හැබැයි ඒ ගොල්ලෝ හැංගිලා හිටියේ ඒ නිසා රටට ජනමතයක් අවශ්‍යයි ඒ අනුව පාලකයින් ඉදිරිපත් වෙන්න ඕන.

ජනතා විමුක්ති පෙරමුණට අපි බය නැහැ මොකද මාලිමාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණම තමයි හතරක් පහක් දාලා තියෙනවා ලස්සන කරන්න ඒක නිසා තවමත් එහි තීන්දු තීරණ ගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අයමයි හරිනි වගේ අය පපට්ලා පව් . මේ රටේ හැට නම ලක්ෂයකින් ගෝඨාභය ජනාදිපති කරපු අයගෙන් කොටසක් තමයි අද මාලිමාව උස්සගෙන යන්න හදන්නේ ඒක නිසා මාලිමාව ආවොත් ගෝඨා පාර්ට් Two(2) වෙනවා.

අපේ රට ගොඩ එන්න ජාත්‍යන්තර සහයෝගයක් ඕන මම අහන්න කැමතියි ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන රටවල් මොනවද සමාජවාදී ප්‍රතිපත්ති ජාත්‍යන්තරය පිළිගන්නෙ නැහැ මේ රට උතුරු කොරියාවක් කරන්න ඕන නම් මාලිමාවට ඡන්දය දෙන්න. මේ වෙලාව අත්හදාබැලීම් කරන වෙලාවක් නෙමෙයි පිට හොඳ ආර්ථික කණ්ඩායමක් ඉන්නවා හෙට දිනයේ දී අපේ ආර්ථික ප්‍රතිපත්තිය එළි දක්වනවා.