කලින් සැලසුම් කළ පරිදි හෙට (15) දින තැපැල් ඡන්ද පත්‍රිකා යොමු කළ නොහැකි බව මැතිවරණ කොමිසම තමන් දැනුවත් කළ බව පක්ෂ ලේකම්වරු පවසනවා.

අද මැතිවරණ කොමිසමේ පැවැති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසම මේ බව දැනූම් දි ඇතැයි පක්ෂ ලේකම්වරු පවසනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ අනුව දැනට ලබන 22,23,24 පැවැත්විමට නියමිත තැපැල් ජන්දය කල් යාමේ අවදානමක් මතුව හි ඇති බවයි.