වර්ෂයක් පාසා අයවැය ඉදිරිපත් කල නමුත් පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට ලබාදීමට යෝජනා කළ සහන රැසක් මෙතෙක් ඉටුකර නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ සුභාෂිණී අබේසිංහ මහත්මිය අද උදෑසන පැවති රූපවාහිනී සාකච්ඡාවකට සහබාගී වෙමින් පැවසීය.

එතුමිය මෙහිදී කියා සිටියේ අලුත් පොරොන්දු මල්ලක් එන්න කලින් කලින් දුන් පොරොන්දු මල්ලට කුමක් සිදුවීද යන්න සොයාබැලීම ඉතාමත් වැදගත් බවයි.

අයවැය තුලින් වැඩිම මුදලක් වැයකිරීමට සැලසුම් කර ඇති (බිලියන 49ක අගයක්) යෝජනා 25ක් යොදාගෙන වෙරිටේ රිසර්ච් ආයතනය පර්යේෂණ සිදුකරන අතර එම ආයතන වලින් විශාල ප්‍රමාණයක් තොරතුරු ලබා නොදීම නිසා අයවැය කතාවේ 68%ක ප්‍රගතිය සමාලෝචනය කිරීමට නොහැකි වූ බවත් තොරතුරු දැනගැනීම අයිතිය යටතේ අයවැයට අදාල සියලුම සැලසුම්, වාර්තා, විශ්ලේෂණ සියල්ලා ලබාදීමට ප්‍රතිපදනද සපයා ඇති බවත් එතුමිය පැවසීය.