රටේ ජනතාවට විදුලිසර වද්දමින් අසාධාරණ ලෙස මෙම වසර තුල තෙවන වරටත් ඉහළ දැමූ විදුලි බිල වහා පහත හෙලන ලෙසට රජයට බල කරමින් සමගි ජන බලවෙිගයේ වවිනියා ආසන ප්‍රධාන සංවිධායිකා රසිකා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2023.10.26 ඊයේ දින සවස වවිනියා නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා.

මෙම අවස්ථාවට වව්නියාව සහය සංවිධායක මහවිර් මහතා, හිටපු නාගරික මන්ත්‍රී ජානක මහතා, කුමාර් මහතා, සුරේෂ් මහතා ඇතුලු ක්‍රියාකාරීන් ද සහභාගි විය.

ඊයේ දිනයේදී පිළියන්දල ඔරලෝසුව කණුව අසලද  ජනතා විරෝධයක් සංවිධානය කර තිබූ අතර එය සමගි ජනබලවේගය පක්ෂයේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු ගයාන් ද මැල් මැතිතුමන් ගේ මුලිකත්වයේන් පැවැත්වූ අතර විශාල ප්‍රදේශවාසින් පිරිසක් මෙම විරෝධතාවයට සහබාගී වී සිටිනු දක්නට ලැබුණා.