ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් ඉකිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබෙනවා.

ක්‍රිකට් පාලන මණ්ඩලයේ දුෂණ සම්බන්ධයෙන් විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු  සහ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ඔහුට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් එහිදී අමාත්‍යවරයා CIDය වෙත පැමිණිලි කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරයි.