හම්බන්තොට විවිධසේවා සමුපකාර සමිතියේ හම්බන්තොට ප්‍රාදේශිකයේ පැවැති නිලවරණයෙන් සමගි ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත් වී තිබේ.

සාමාජිකයන් 483ක් මෙහිදී ඡන්දය ප්‍රකාශ කොට ඇති අතර එයින් 335ක් ඡන්දෙ ලබාදී ඇත්තේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයින්ට ය.

ඒ අනුව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයින් නව දෙනාම ජයග්‍රහණය කොට ඇති අතර පොහොට්ටුව ඉදිරිපත් කළ 9 දෙනාම පරාජය වී ඇත.

ඒ අනුව රාජපක්ෂවරුන් නියෝජනය කරමින් ඉදිරිපත් වු කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට කිසිදු අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළ නොහැකි මට්ටමට පත්වීවීය.

රටපුරා මෙතෙක් පැවති සමුපකාර ඡන්ද අති බහුතරයක් ජයග්‍රහණය කොට ඇත්තේ සමගි ජනබලවේගය යි.එය 98%ට අධික ප්‍රතිශතය කි.