විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන කැබිනට් අමාත්‍යවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දී යුගදනවි ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සම්පුර්ණයෙන්ම විහිලුවක් හා ජනතාව රැවටීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“රජය අය වැය සම්මත කරන්න 157 ඡන්දය දුන්නා එසේ ඡන්දය දීලා එලියට ඇවිත් මාධ්‍යයට වෙන දෙයක් කියනවා හේතුව ඒ අයට ගමට යන්න බෑ වාසුදේව නානායක්කාර විමල් වීරවංශ උදය ගම්මන්පිල ආණ්ඩුවට ඡන්ද දීලා වරප්‍රසාද ලබාගෙන එලියට ඇවිල්ල ජනතාවට කියනවා අපි මේකට විරුද්ධයි කියලා ඔය කියන ඇමතිවරු තුන්දෙනාම යුගදනවිය ගැන නඩු පවරා තියෙනවා එහිදී නීතීඥවරු කිව්වා මේ ඇමතිවරුන්ගේ සාමූහික වගකීම කඩාකප්පල් කිරීමක් කියලා ඇමතිවරු එකට ඉඳගෙන යුගදනවි එක දෙන්න අත උස්සලා අනිත් පැත්තෙන් උසාවියට ගිහිල්ලා නඩු දානවා ඒක සම්පූර්ණ විහිළුවක් හා ජනතාව රැවටීමක්.”

මේ බව කියා සිටියේ අද(17) සමගි ජන බලවේග ප්‍රධාන කාර්‍යලයේ දීය .