ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය පහසුකම පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවේදී මැතිවරණ කල් දැමීමට කිසිදු හේතුවක් නැති බව පැවසීය.

සුවිශේෂී කාරණය වන්නේ මිට පෙර 16 වතාවක් ශ්‍රීලංකාවට IMF ණය පහසුකම ලබා දී ඇති අතර ඊයේ රාත්‍රියේ 17 වන වතාවටත් IMF ණය එම විධායක කමිටුව මගින් අනුමත කර තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ දූෂණ විරෝධය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිය අරමුදල ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත් කරුණු දෙකක් බවයි. 

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන බවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ය.