රටම නැති කළ ආණ්ඩුව පන්නමු ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරමු ඊයේ (30) කොටුව දුම්රිය පොල පරිශ්‍රයේදී පැවැති විරෝදතාව.

අද රට නැත්තටම නැති වී ඇති බවත් මේ දුර්දාන්ත පාලනය වහාම පෙරළා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතා මුදල් මංකොල්ල කමින් සිදු කොට ඇති විනාශය නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එලෙස මංකොල්ල කන ලද සියලු මුදල් රටට අත්පත් කර ගැනීමේ මෙහෙයුම ද ආරම්භ කරන බව පැවසීය.

“ගෝඨා රනිල් ශාපය අවසන් කරමු” මැයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවය ඊයේ (30) කොටුව දුම්රිය පොල පරිශ්‍රයේදී පැවැත්විණි.

රට අරාජිකකත්වයට ඇද දැමූ දුර්දාන්ත පාලනයට එරෙහිව දේශපාලන නායකයින්, සිවිල් සහ වෘත්තීය ක්‍රියාකාරීන් මෙන්ම පොදු ජනතාව විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ. මේ ආණ්ඩුව රටේ සමස්ත ජනතාව බරපතළ අර්බුදයකට ලක් කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අධ්‍යාපනය සෞඛ්‍යය කෘෂිකර්මාන්තය ඇතුළු සියල්ල විනාශ කොට දමා ඇතැයිද පැවසීය. නව ජනවරමක් තුළින් පිරිසිදු පාලනයක් ගොඩනැගීම වෙනුවෙන් ඇප කැප වෙන ලෙස ද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.