විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව

කතා සාප්පුවක් නෙවේ. හුස්මෙන් කරන දේ මෙන්න! විපක්ෂ නායක සජිත් කියයි.

සමගි ජන බලවේගය නිද්‍රාශීලී විපක්ෂයක් නොවන බවත්, එය සක්‍රීය විපක්ෂයක් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අත්‍යවශ්‍ය ඖෂධ රාශියක් ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇතැයිද පැවසීය.

සමගි ජන බලවේගයේ හුස්මක් වැඩසටහන හරහා මේ කෙටි කාලය තුළ සිදු කොට ඇති මෙහෙවර පිළිබඳව හැඳින්වීමක් කළ විපක්ෂ නායකතුමා මිනිස් ජීවිත, ජීවත් කිරීම වෙනුවෙන් කළ හැකි සියල්ල සිදුකරන බවත් පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද(19) පාර්ලිමේන්තුවේ දිය.