අද රට පත්ව ඇති අර්බුදයයෙන් ගොඩ එන්න නම් පවතින රජයක විශේෂ අංග දෙකක් තිබිය යුතු බව “ආර්ථිකයේ නිවැරදි දිශාව” යන මැයෙන් ඊයේ (30) විපක්ෂනායක කාර්යාලයේදී පවතී මාධ්‍ය හමුවට සහබගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

ඒ පිලිබදව තවදුරටත්පා අදහස්ර්ලි දැක්වූ මේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා.

අද රට පත්ව ඇති අර්බුදයයෙන් ගොඩ එන්න නම් පවතින රජයක විශේෂ අංග දෙකක් තියෙන්න ඕන එකක් විශ්වාසනීයත්වය එය ඇතිවෙනවනම් තමයි ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්.අද ඒ විශ්වාසනීයත්වය බිඳ වැටිලා. ඒ නිසා ජාත්‍යන්තර අරමුදල හෝ ද්විපාර්ශික රටවල් එක්ක හෝ අපිට ගනුදෙනු කර ණය හෝ ආධාර ගන්න විශ්වාසනීයත්වය මේ රජය තුළින් කිසිසේත් හදන්න බෑ. ඒ නිසා තමයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත්විය යුතුයි කියන තේමාව තුළ හිටියේ .මේ රජයේ විශ්වාසනීයත්වය නීත්‍යානුකූල භාවයක් නැහැ ඒක ජාත්‍යන්තරය තුළත් ඔප්පු වෙලා තියෙන්නේ. මේ රටේ වංචාව දූෂණය සහ පවතින අර්බුදය නිර්මාණය කළේ මේ රජය විසින් එය නිර්මාණය කරපු කණ්ඩායමටම නැවත ජාත්‍යන්තරය උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න දෙක තියෙද්දි අපට මෙකෙන් ගොඩ ගන්න බෑ කියන එක විශ්වාස කරනවා.

ප්‍රධාන ප්‍රශ්නය තමයි අපි හිතන්නේ ආණ්ඩුව වෙනස් විය යුතුයි රට තුළ තියෙන දේශපාලන ව්‍යුහය සහ ආර්ථික රාමුව තුලත් වෙනස්වීම් සිදුවිය යුතුයි. මේ ඔක්කොම එක තැනකට ගත යුතුයි ඒකට තමයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කතා කරේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කෙටිකාලීනව සකස් කළ යුතුයි කියලා .යුද්ධය කාලයක් තුළ රටක් නැගිටින්න පුළුවන් වුණා නම් ජපානයේ ඛේදවාචකයෙන් පස්සේ බිංදුවට වැටුනා ඒ රට නැවත නැඟිටින්නේ සියලු පුරවැසියන් එකතුවෙලා රට හැදුවා. ඒ නිසා මේ රටේත් බැඳියාවන් තියෙන කණ්ඩායම් ගොඩක් ඉන්නවා ඒව සමකරන්න පුළුවන් දේශපාලන රාමුව තුළ බැඳියාව තියෙනවා තමන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම වෘත්තිකයන්ගේ වෛද්‍යවරුන්ගේ බැඳියාවන් රැකගැනීම සඳහා මේ ප්‍රශ්නය තුළත් වැඩ කරනවා නීතිඥවරු තමන්ගේ ගොඩ බේරගන්න උත්සාහ කරනවා රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද බේරගන්න මේ සටන තුළ ඉන්නවා මම හිතනවා අපි ඇවිල්ල තියෙන තැන මේවා ඔක්කොම ඉවත් කරගෙන උඩ ඉඳලා දේශපාලඥයන් ඒකට ආදර්ශයක් ලබා දිය යුතුයි කියලා තමන්ගේ තානාන්තර තනතුරු වරප්‍රසාද නැතුව වැඩ කරන්න සූදානම් වෙන යුගයක් ඇති වෙන්න ඕන. එහෙම නැතුව මේක වෙනස් කරන්න බෑ අපි හිතන්න ඕන ලොකු යුද්ධයකින් පසු රටක් ගොඩ ගන්න තැනට එන්න ඕන කියලා. ඒ නිසා සියලු දෙනා ඒ කැපවීම ගැන හිතන්නේ නැත්නම් තමන්ට මොකක්ද වෙන්න ඕන කියන එක අහක දාලා රටට මොකක්ද වෙන්න ඕන කියන තැනට සියලු පුරවැසියන් එන්න ඕන. නැතුව මේක ගොඩ ගන්න බෑ අපි හිතනවා සමගි ජනබලවේගයට විතරක් මේක උස්සන්න බෑ ඒකයි අපි කියන්නේ සර්වපාක්ෂික බලවේගයක් ලෙස එකතු විය යුතුයි මේ වෙලාවෙදි මේක යුද ආක්‍රමණයකට වඩා අපේ රටේ තිබුණු බරපතළ ප්‍රශ්නයක් විදිහට සයුරෙන් ඇතිවෙන විදිහට අවධානමක් තියෙන තැනට අපි තල්ලු වේලා විසඳුම් නැහැ කොටින්ම අපිට කියන්න පුළුවන් අපි ගත්තොත් මේක කරන්න පුළුවන් කියලා. නැහැ මේක ලේසි වෙන්නේ නෑ ඇත්ත කතාකරන දැනගන්න ඕන ඕනම කැපවීමක් කරන්න අපි සූදානම් කියන එක රටට කියන්න කැමතියි ප්‍රධානම ප්‍රශ්නය මෙතනින් එහාට නිර්මාණය වුණේ කොහොමද මේ මේ සංඛ්‍යාලේඛන දත්ත කියලා මේක කරන්න බෑ මෙච්චර ණය තියෙනවා කියලා වැඩක් නෑ අපි පහුවෙලා බැරි දැන් මේක පටන් ගන්න ඕන තවත් කල්දාන්න බැහැ . අපි රටේ මහ පාරේ ඉන්න අරගල කරන පොදු ජනතාව තමන්ගේ කැපවීම කරන්න පටන් අරන් තියෙන්නෙ මාස ගානකට කලින්. කෝවිඩ් එකෙන් පස්සෙ කැපවීම් කරන්න පටන් අරන් තියෙනවා ඒ නිසා දැන් එක එක කණ්ඩායම් වල ඉන්න පිරිස් සියලු දෙනාම දේශපාලඥයාගේ සිට සියලුම ජන කණ්ඩායම් තමන්ගේ කැපවීම කරන්න පටන් ගන්න. තමන් වාහනය එක වැඩට ගියා නම් පයින් යන්න ලෑස්ති වෙන්න ඕන වැටුප් රහිතව රට වෙනුවෙන් මාස ගාණක් වැඩ කරන්න සිදු වෙනවා ඒ වගෙ තැනකට අපි තල්ලු වෙලා තියෙනවා .ඒක ඔළුවට දැන් ගත්තේ නැත්නම් තවත් මේ ප්‍රශ්න එහාට උඩු දුවනවා. සමගි ජන බලවේගය හැමදාම මේවා විශ්ලේෂණය කරනවා.

තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා රජය අවධානය යොමු කර යුතුයි . මේ රටේ දැනට අවිධිමත් අංශය විශාල පිරිසක් ඉන්නවා ජීවත්වෙන්න අපහසු අය උදාහරණයක් ගත්තම ත්‍රීවිල් හිමියන් uber පික්මී පාසල් සේවය කරන අය ස්වයං රැකියාවල අය මේ අයට දැන් අවුරුදු එකහමාරක් දෙකක් තමන්ට ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවන් අහිමි වුණා ඒ ගොල්ලො විශාල පිරිසක් අනියම් පදනම මත සේවය කරනවා ඊට වඩා එතනින් එහාට මේ ප්‍රශ්න තවත් දරුණු වෙන්න යනවා මේ රටේ නිෂ්පාදන පද්ධතිය ගත්තම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත එම කර්මාන්ත වල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදියට 50%ක් වෙන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ අංශයට මේ රටේ සේවා දායකයන් ගත්තම 90%ක් සේවය කරන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ අංශයේ එම අංශ රැකගැනීම අන්තිම මොහොත වෙනකම් ඉතාම වැදගත් දැනට එයාලට දීපු ණය සහනය අවසන් වෙනවා මේ මාසයේ අන්තිම වෙනකොට ඔවුන්ට අමතරව අලුත් ප්‍රශ්නයක් එගොඩට නිර්මාණය වෙනවා ඒකෙන් ලක්ෂ ගානක් රැකියාවල නිරත වෙලා ඉන්න පිරිස දැන් වෙනකොට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට තමන්ට අවශ්‍ය අතරමැදි භාණ්ඩ අමුද්‍රව්‍ය ලබා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලොන්ට වැඩ කරන්න බැහැ.

සංඛ්‍යාලේඛන අනුව 2021 වර්ෂය අතරමැදි භාණ්ඩ ආනයන වර්ෂයකට මේ රටේ ඩොලර් මිලියන 12ක් යනවා ඒකෙන් තෙල් වලට සහ රෙදි පිලි වෙලට වෙන්කරම ඩොලර් බිලියන දොළහෙන් හතක් විතර යනවා තෙල් සහ රෙදිපිළි වලට කුඩා කර්මාන්ත වලට අතරමැදි භාණ්ඩ වලට ඩොලර් බිලියන 05ක් විතර අතුරු මැදි භාණ්ඩ විදියට යනවා ඒකෙනුත් 75% ක්ම යන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වලට ඩොලර් බිලියන 3.7 විතර අවුරුද්දකට අපිට අවශ්‍යයි ආනයනය කරන්න අද ඒ කර්මාන්තකරුවන්ට එය ලැබෙන්නේ නෑ ඩොලර් නෑ බැංකුවල අවශ්‍ය බඩු ගන්න මේකෙන් ප්‍රශ්නය අපනයන වලටත් යනවා මොකද අපේ අපනයන ක්ෂේත්‍රයක් ගත්තම තේ අපනයනය ගාමන්ට් රෙදිපිළි අපනයන ඒවට packing material වලට ඇසුරුම්වලට අවශ්‍යයි ආනයනය කරන්න ඩොලර් නැහැ ඊට පස්සේ අපිට අවශ්‍ය කෙමිකල් වර්ග නැහැ ඒ කර්මාන්තය නිෂ්පාදනය කරන බැරිවෙනකොට අපනයන ක්ෂේත්‍රයේ ටත් ඒක අයත් වෙනව දැන් වෙනකොට අපිට ප්‍රශ්නයක් තියෙන්නේ රජයේ මේකට සූදානම් ද මේ ජුනි මාසයේ සිට තව මාස හයක් දෙසැම්බර් වෙනකන් මේ කර්මාන්තයට අඩුම තරමේ ඩොලර් බිලියන දෙකක වත් මුදල් රජය වෙන් කරන වැඩපිළිවෙළක් සකස් කරල තියෙන්න ඕන අතුරු මැදි භාණ්ඩ ආනයනය කිරීමට සම්බන්ධව එකින් එක වෙලාවට අපි දැනුවත් කළා රජයට අවවාද කරා අවුරුදු දෙකකට කලින් දැන් අපි කියන මේ තත්වය අපිට කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රවල අය ආරක්ෂා කරන ලක්ෂ විස්සක් හෝ 25ක අයට රැකියා අහිමි වෙනවා තව මාසයක් දෙකක් යනකොට එතකොට මේ ප්‍රශ්නය සමාජ ගැටලුව තවත් බරපතළ තැනකට යනවා ඒ නිසා තමයි හර්ෂ ද සිල්වා මැතිතුමා කිව්වේ අපිට තවත් හිතන්න වෙලාවක් නෑ මේ වෙලාවේ දී රට එකතුවෙන්න සර්ව පාක්ෂික රජයක් හදාගැනිම ඉතාමත් අවශ්‍යයි අපි සියලු දෙනාම එය ඔළුවට ගත යුතුයි.