මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, රාජපක්ෂ පවුල විසින් බව ලෝකයා හමුවේ දැන් පැහැදිලිව ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊයේ (2021-12-28) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් මාස ගණනාවක් යනතුරු විවිධ අමාත්‍යාංශවලට සුදුසු පුද්ගලයන් ලේකම්වරුන් ලෙස පත් කරගැනීමට නොහැකි වූ බවය. ඉන් පැහැදිලි වන්නේ මේ රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු සූදානමක නොසිටි බව යැයි ද හෙතෙම අවධාරණය කළේය.