ජනාධිපතිවරයාගේ පළමු වසර මෙන්ම දෙවනි වසරත් අසාර්ථක බවත් ඉදිරි වසර 3 සාර්ථක වේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත් ඉදිරියට රට අසාර්ථක කිරීමට ජනාධිපතිවරයාට ඉඩ ලබා දිමට ජනතාව සුදානම් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි .

ඔහු මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

නලින් බණ්ඩාර මහතා වැඩි දුරටත් කියා සිටියේ ,

“අපි දැක්කා ගරු ජනාධිපතිතුමා ඊයේ මාධ්‍යවේදීන් අමතලා සාකච්ඡාවක් කර තියෙනවා. එතුමා එහිදී ප්‍රකාශ කළා තවත් අවුරුදු තුනක් තියෙන බව. ඒක බොහොම හොඳයි. එතුමට පළවෙනි අවුරුද්දේදී අපි කිව්වා ‘සර් ෆේල්’ දෙවෙනි අවුරුද්දේවත් සර් පාස් වෙන්න උත්සාහ කරන්න කියලා. දෙවැනි අවුරුද්දේ ෆේල් කියන්නත් බැහැ හොඳටම ෆේල් රටක් විදියට අපි දකිනවා.

එම නිසා තවත් අවුරුදු තුනක් ගැන හිතන්න බැහැ .එයට රටේ ජනතාවත් සූදානම් නැහැ. තවත් මාස 06ක් වත් රටේ ජනතාව ඉඩ දෙයිද කියන එක ප්‍රශ්නයක්. නමුත් දැන් සර් හදනවා වැරදි නිලධාරීන් පිට පටවන්න එහිදී අපි දැක්කා තමන්ගේ කට වචනය චක්‍රලේඛ සේ සලකා වැඩ කරන්න කිව්වා .නිලධාරීන්ට එහෙම කියපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දැන් නිලධාරීන්ට බනින තත්ත්වයට පත් වී ඇතැයි නලින් බංඩාර මන්ත්‍රීවරයා පැවසීය “