ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ ඇමැතිකම් ඊයේ දින ඉවත් කළ නමුත් ආණ්ඩුවේ ඇමතිවරු ඉවත් කළාට රටේ ආර්ථික අර්බුදයට විසදුම් ලැබෙන්නේ නැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුවේ ඇමතිවරු මාරු කළාට රටට ඩොලර් ලැබෙන්නේ නැති බවත් ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය නිසා රටේ ජනතාව පිඩාවට පත් වෙමින් සිටින බව ද,මන්ත්‍රීවරයා පැවසීය .

තව දුරටත් කියා සිටියේ ජනතාවගේ දැඩි විශ්වාසයෙන් බලයට පත් වූ ආණ්ඩුව අද වන විට 100% ජනතා විශ්වාසය නැති වී ඇති බවයි .

අද මේ රටේ අර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනාධිපති බවත් තවද විසිවෙනි සංශෝධනය මගින් අසීමිත බලයක් ලබා දිමට අත උස්සපු සියලුදෙනා ද, මෙයට වගකිව යුතු බව ද, පැවසීය .

මහින්ද සුළග නිර්මාණය කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අද වන විට බැසිල් කුණාටුවට හසු වී ඇති බවද, අත්තනායක මහතා කියා සිටියේය .

සටහන – CJ