ජාඇල නගර සභාවේ සභාපතිවරයා විසින් ඉදිරි වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබෙනවා. අයවැයට පක්ෂව සභාපතිවරයා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පමණක් ඡන්දය ලබා දී ඇති අතර අයවැයට එරෙහිව ලැබී ඇති ඡන්ද ප්‍රමාණය දහයකි. ඒ අනුව අයවැය ලේඛනය වැඩි ඡන්ද පහකින් පරාජයට පත්ව තිබෙනවා.

ජාඇල නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙන අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුම අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

මීට පෙර පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන ගණනාවක අයවැය පරාජයට පත් විය.