දිගින් දිගටම රජයට බදු වංචා කරමින් සිදුවන හොර ස්ටිකර් ගේම් එක නැවතත් ක්‍රියාත්මක වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. එතුමා පෙන්වා දෙන්නේ මේ වන විට යාපනය , ත්‍රිකුණාමලය , මඩකලපුව ආධී ප්‍රදේශවල හොර ස්ටිකර් ගහපු අරක්කු තොග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හොර අරක්කු විකුණපු එක් මත්පැන් හලකින්වත් දඩ අයකරගෙන නොමැති බව පවසමින් හර්ෂ ද සිල්වා මහතා කියා සිටින්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයක් ගෙවීමට නොහැකි වූ නිසා ඔවුන් මේ හොර අරක්කු තොගය අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

එතුමා වැඩිදුරටත් කියා සිටියේ,

‘‘යාපනය , ත්‍රිකුණාමලය , මඩකලපුව ප්‍රදේශවල හොර ස්ටිකර් ගහපු අරක්කු තොග අල්ලලා තිබෙනවා.  අරක්කු තොග ප්‍රාදේශීය ගබඩාවල තිබෙනවා කියත් ආරංචි වෙනවා. අරක්කු බෝතල් වල ව්‍යාජ ස්ටිකර් ගැසිම නවත්වන්න පුලුවන් වෙන එක ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි අරක්කු බෝතල් වලට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් එක ස්ටිකරයකුත් තව තැනකින් තවත් ස්ටිකරයකුත් ගහන් පුලුවන් නම් ව්‍යාජ ස්ටිකර් ගැසීම නවත්වන්න පුලුවන්. මේ බව මුදල් කාරක සභාවේදීත් යෝජනා කළා. ව්‍යාජ ස්ටිකර් ගැසීම මෙයින් බොහෝ දුරට අඩු වෙනවා. හොර ස්ටිකර් ගහපු පිරිස තවම නීතිය ඉදිරියට ගෙනල්ලා නෑ.‘‘