ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මානව නිදහසට ඍජුවම බලපාන පනත් දෙකක් හෙට(03) පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පසුගිය පාර්ලිමේන්තු වාර අවසානයේදී ප්‍රකාශ කර තිබුණා.

මෙම පනත් දේකට විරුද්ධව දේශපාලන පක්ෂ මෙන්ම ප්‍රගතිශීලී කණ්ඩායම් රැසක් තම විරෝධය ප්‍රකාශ කතර තිබෙන අතර අද දිනයේදීද මාර්ගගත ක්‍රමවේද වල සුරක්ෂිතතාව නමින් ගෙන එනු ලබන පනතට එරෙහිව කොළඹ කොටුව පරිශ්‍රයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

මාර්ගගත ක්‍රමවේද වල සුරක්ෂිතතාව නමින් ගෙන එනු ලබන ඊනියා පනත් කෙටුම්පත ප්‍රථම වතාවට හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ත්‍රස්ත විරෝධී පනත මින් පෙර අවස්ථා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නැගී ආ දැඩි ජනතා විරෝධය මත හකුලාගනු ලාබූ අතර නැවත වතාවක් සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත හෙට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සාලිය පීරිස් මහතා මෙන්ම මහාචාර්ය ජී. එල් පීරිස්  මහතා කියා සිටියේ මාර්ගගත ක්‍රමවේද වල සුරක්ෂිතතාව (Online Safety Bill) නමින් ගෙන එනු ලබන පනත දැඩි ඒකාධිපති ස්වරූපයකින් ගෙන එනු ලබන අතර එහි සියලු තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඍජුවම අත්තනෝමතික ලෙස ජනාධිපති යටතේ ක්‍රියාත්මක වන බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මෙම පනත වහා හකුලාගන්න ලෙස ප්‍රකාශයක් නිකුත් කොට තිබුණා.

Online Safety Bill

මෙම පනත් දෙකෙහි විශේෂත්වය වන්නේ දිගින් දිගටම වත්මන් ආණ්ඩුවට නැගී එන ජනතා විරෝධයත් ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස ආණ්ඩුව විසින් මැතිවරණ කල් දමා තිබෙන පසුබිමක මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ගෙන ඒමයි.

කෙසේ වෙතත් ජානත විරෝධී ආණ්ඩුව හැර අනෙකුත් සියලු පාර්ශවයන් සියල්ලම ඒකමතිකව ප්‍රකාශ කරන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට, තොරතුරු දැනගැනීමේ අයිතියට, සමාජ මාධ්‍ය වරණය කිරීමට මෙන්ම දූෂිත ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙන ජනතා විරෝධය මර්ධනය කිරීමට ගෙන එනු ලබන ඕනෑම පනතක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ඊට එරෙහිව දිගින් දිගටම ක්‍රියාමාර්ග ගන්න බවත්ය.