විදුලිය විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍යවරයා පැවසුවත් අදත් රටේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඔහු කියා සිටින්නේ ආණ්ඩුවේ ඇමතිවරු ,අමාත්‍යංශ ලේකම්වරු හා විදුලි ඉංජිනේරු පවසන ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් එහෙයින් ආණ්ඩුවේ ඇමතිවරු හා ආණ්ඩුව නියෝජනය කරන පිරිස මන්දමානසිකත්වයෙන් පෙලෙන බවත් එහෙයින් වහාම රෝගයට බෙහෙත් ගන්නා ලෙස මන්ත්‍රීවරයා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කියා සිටියේය .

ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් නොමැති බවත් උදේ කියන දේ සවස වෙනස්ව, කියන දේ නොවෙන, කරන දේ නොකියන ආණ්ඩුවක් බවයි මන්ත්‍රීවරයා පවසා සිටින්නේ .

ආණ්ඩුව ජනතාවට දුන් එකම පොරොන්දුවක් වත් ඉටු නොකර බවත්, කිරීමට හැකි දෙයක් හෝ ආණ්ඩුවට කිරීමට නොහැකි දුර්ලව අදක්ෂ පාලනයක් බවද කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ