ආසියාව සඳහා වන එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. ඒ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය.

මෙරට මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි තිරසාර විසඳුම් සහ ආර්ථිකය ගොඩනැගීමට ශ්‍රී ලංකාව ගත යුතු නිවැරැදි මඟ පිළිබඳව ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රී ලංකාව ගොඩනැඟීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය ජාත්‍යන්තර වශයෙන් නොඅඩුව ලබාදෙන ලෙස එහිදී විපක්ෂ නායකතුමා ඉල්ලා සිටි අතර රටේ බිඳවැටී ඇති විවිධ ක්ෂේත්‍ර ගොඩ නැංවීම වෙනුවෙන් ද අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.