වත්මන් ආණ්ඩුව කිසිම කළමනාකරණයකින් තොරව අධ්‍යාපනය මෙහෙයවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ ගම්බද දෙමව්පියන්ගේ ළමයින්ට නගරයේ පහසුකම් ඇති පාසල් සඳහා යාමට තිබෙන එකම ඉනිමග ශිෂ්‍යත්ව විභාගය බවත්ය. එහෙත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටස ඉතා සංකීර්ණය කරමින් ළමුන්ට දැඩි පිඩනයක් ලබා දුන් බවත් නැවත විවේක කාලයෙන් පසුව දෙවන කොටස මදක් සරල කොට ලබා දුන්නාත් එහෙත් ළමුන් පළමු කොටසේ දී සිදු වු මානසික පිඩනය නිසා දෙවැනි කොටසත් නිසි අකාරව සිදු කිරීමට දරුවන්ට මානසික නිදහසක් නොමැති විමෙන් එයත් අසාර්ථක වු නිසා වත්මන් ආණ්ඩුව ශිෂ්‍යත්ව විභාග ළමුන්ට ආණ්ඩුව ගැහූ බව තුෂාර ඉදුණිල් මන්ත්‍රීවරයා කියා සිටියේය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු අඩු විම නිසා ගම්බද දරුවන් නගරයේ පාසල් සදහා ඇතුළු විමට නොහැකි වනු ඇති බවයි .

මේ බව කියා සිටියේ අද (01) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

සටහන – CJ