ඔමික්‍රෝන නව කොවිඩ් ප්‍රභේදයක් ලෝකයේ රටවල් අතර ව්‍යාප්ත වන බවත් එම අවධානමෙන් අපේ රටේ ජනතාව මුදවා ගැනීමට වහාම පියවර ගන්නා ලෙසත් දැනට ගත් පියවර පිලිබදව සෑහීමට පත් වීමට නොහැකි බවත් සමගි ජන බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය .

ඔමික්‍රෝන් කියන මේ වෛරසය රටට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ගුවන් තොටුපළේ සිට දකුණු අප්‍රිකාවෙ සංචාරකයින් පැමිණීම වළක්වා ගැනීම සඳහා තහනමක් දාලා තියෙනවා මම හිතනවා ඒ පමණක් ප්‍රමාණවත් නැහැ. තවමත් අපේ ගුවන් තොටුපලේ පීසීආර් පරීක්ෂණ නිශ්චිත ලෙස සිදු වෙන්නේ නැහැ. විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා පුද්ගලික අංශයේ ද සහාය ඇතිව පීසීආර් පරීක්ෂණාගාරයක් ආරම්භ කළ නමුත් අපට ලැබෙන ආරංචි මාර්ග අනුව ඒක ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි ගුවන්තොටුපල තුල විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා ඒ අතර හොටල් මාෆියාවක්, සෞඛ්‍ය මාෆියාවක්, පීසීආර් මගඩියක් සිදු වෙනවා .මේවා කරන්නේ කවුද? මේවගෙන් හූරගෙන කන්නේ කවුද ?.මේක භයානක තත්ත්වයක් ඒ නිසා පැහැදිලිව අපි කියනවා අපේ රටේ යන්තම් හෝ නැගී සිටීමට උත්සාහ කරන අවස්ථාවේ බලධාරීන්ගේ වගකීම තමයි ඔමික්‍රෝන් වෛරසය රටට ඇතුළු වෙන්න නොදී වළක්වා ගැනීම. ඒ සඳහා අවශ්‍ය උපරිම උපායමාර්ගික පියවරකට යා යුතුයි .

ගුවන්තොටුපල විසින් දකුණු අප්‍රිකානු සංචාරකයන් පැමිණීම තහනම් කිරීමට ගත්ත තීරණය හොඳ දෙයක් හැබැයි එතනින් එහාට ගොඩක් දේවල් කරන්න තියෙනවා .දැනටමත් මේ වෛරසය ඇවිත් තියෙනව ද යන්න දන්නේ නැහැ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරික්ෂණ වලින් තවමත් ඒවා අවසන් තීරණයකට එළඹී නැහැ එසේනම් අපේ රට යළිත් වසා දැමීමට ගියොත් රට තවත් බංකොලොත් වීම ඉක්මන් වෙනවා.ආර්ථිකය කඩා වැටීම වේගවත් වෙනවා ඒ විතරක් නෙමෙයි රටේ ජන ජීවිතය එහෙම්පිටින්ම අවුල් වෙනවා . එම නිසා බව බලධාරීන්ගේ වගකීමක් තමයි අධි මානසිකත්වයෙන් ක්‍රියා කරන්නේ නැතිව අපිට මුහුණ දෙන්න පුළුවන් අපිට හයිය තියෙනවා කියලා පෙන්වමින් ආණ්ඩුව තවදුරටත් දුෂ්කරතාවයකට රටේ ජනතාව පත් කරන්නේ නැතුව මේ වෛරසය රටට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා බාහිරින් මේ සඳහා ඇතුළුවීම වැළැක්වීමේ පියවරක් තදින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි හිතනවා එහෙම නැත්නම් ඉදිරි සති දෙක තුනක් අවදානමකට භාජනය වෙන්න වෙනවා .අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දැනටමත් ඒ අවධානමට ලක් වෙලා තිබෙනවා ඒ වගේම අපේ වැඩ කටයුතුවලට විශාල බාධාවක් වෙලා තියෙනවා ඒ නිසා අපි ඉල්ලනවා තවදුරටත් ගුවන්තොටුපල මාෆියාව හරහා මෙය මුදල් හරිහම්බ කරන ව්‍යාපාරයක් හැටියට නොව රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න අවධානමෙන් ජනතා මුදවාගන්න ආණ්ඩුව වහා පියවර ගන්න කියලා පැහැදිලිව ඉල්ලනවා මන්ත්‍රීවරයා මේ බව අවධාරණනය කළේ විපක්ෂනායක කාර්යාලයේ (29)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .