සමඟි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුව සමඟ එක්වීමට සුදානම් නොමැති බව පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව කියා සිටියේ එළඹෙන මැයි පලවනදා සමඟි ජන බලවේගයේ පමන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ආණ්ඩුව සමඟ එකතු වන බවට හරීන් ප්‍රනාන්දු කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

තිස්ස අත්තනායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට පසුගිය වසරේ මැයි දිනයක් පැවැත්වීමට පවා නොහැකි තත්වයට අඩාල වී තිබූ බවත් මේ මොහොත වන විට ආණ්ඩු බලය සහ මුදල් යොදවා කුමක් හෝ කිරීමට උත්සාහ කළ නමුත් ජනතාව මුහුන දී තිබෙන වත්මන් අර්බුදයට වගකිවයුත්තන් පිරිසක් වන එක්සත් ජාතික පක්ෂය සමඟ ජනතාව නැවතත් එකතු නොවන බවයි.

සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටියේ පසුගියදා තෙල්දෙනිය රංගල ජනපවුර ක්‍රියාකාරින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකට සහබාගී වෙමින්.

තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“සමගි ජන බලවේගයේ විනාශ කිරිමට සමහරු කොතරම් උත්සහා කලත් එහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ අපි ජනතාවාදි දේශපාලන ව්‍යාපාරයක් නිසයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි සන්දානය ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනවා පමනක් නෙවෙයි ජනාධිපතිවරණයත් අපි ජයග්‍රහණය කරනවා “