ජාත්‍යන්තර කාන්තා දිනය මෙවර සැමරීම වඩාත් අර්ථවත්ව ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය කටයුතු කළ බවත් උදේ වරුවේ කාසල් රෝහලට ලක්ෂ 46ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමත් සවස් වරුවේ කොළඹ නගර සබා බලප්‍රදේශයේ මව්වරු 2500කට රු. ලක්ෂ 150ක් ආයෝජනයෙන් සහල් සලාක දුන් බවත් මේ තුළින් පවතින තත්ත්වයට වඩා මව්වරුන්ගේ සෞඛ්‍ය, ළදරු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවධානය යොමු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2024 අප රටේ හැරවුම් ලක්ෂයක් ක්‍රියාත්මක වන බවත් ඒ තුළ සෑම අම්මා කෙනෙක් සහ දරුවකු ආවරණය වන ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් මව්වරු, ළදරුවන්,දරුවන්, තරුණයන් ඒකාබද්ධ කරන ලද ජාතික පෝෂණ වැඩසටහන ප්‍රථම වතාවට අස්සක් මුල්ලක් නැරම ක්‍රියත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම කාන්තා සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුල් තැන ලබා දී මේ රටේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් අදාල මෙවලම් හා උපකරණ නොමිලේ ලබා දෙන වැඩසටහන සමගි ජන බලවේග රජයක සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹ ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ මව්වරු 2500කට සහල් කිලෝ 20 බැගින් වූ පෝෂණ සලාකයක් ලබා දිමේ අවස්ථාවට එක්වෙමිනි.

නැතිබැරි කම නිසා මෙම සනීපාරක්ෂක මෙවලම් භාවිත කරන දශලක්ෂ ගණන් කාන්තාවන් සිටින නිසා ස්කොට්ලන්තය හා නවසීලන්තය මෙන් ජාතික ප්‍රමුඛතා වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අඩු බර දරුවන්,අඩු උපත් බර, ක්ෂය වීම කුරුවීම නීරක්තිය රක්තහීනතාව ආදී මන්⁣දපෝෂක දර්ශක ගැන අවබෝධයක් ඇති බවත් එ තුළ විශේෂඥවරුන්ගෙන් හා බිම්මට්ටමේ කරුණු සැලකිල්ලට ගෙන ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සහ ජාතික කාන්තා,ළමා ළදරු හා යෞවන පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් යහපත්,ශක්ති සම්පන්න මව්පරපුරක් අප රටේ බිහි කර එ තුළින් රටේ දරුවන්ට ආරක්ෂාව රැකවරණය පෝෂණය ලබා දී අපේ රට ශක්ති සම්පන්න කිරීමට සැවොම එකතු වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.