ජාත්‍යන්තර ණය හිමියන් සමග එකඟතා ගිවිසුම් අත්සන් තැබීමට පෙර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රටේ සියලුම පාර්ශවයන් දැනුවත් කල යුතු බව ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරමින් කියා සිටින්නේ මාස කිහිපයකින් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට සිදුවන නිසා ඔහු ගන්නා තීන්දු තීරණ පිළිබඳව රටේ සියලු පාර්ශවයන් දැනුවත් කල යුතු බවත් රට තුල එකන්ගතවයකින් තොරව ගනුලබන තීන්දු තීරණ නිසා රට ඉතාමත් අවධානම් තත්වයකට පත්විය හැකි බවත්ය.