වත්මන් රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් නොමැති හෙයින් සමගි ජන බලවේගය මගින් ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙනෙන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි .

ඔහු කියා සිටියේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වු මන්ත්‍රීවරුන් ඇත්තවශයෙන්ම ස්වාධීන වුවා ද, යන්න මෙමගින් බැලිය හැකි බවයි .

ආණ්ඩුවට මෙම අර්ථික අර්බුදය විසදා ගැනිමට නොහැකි බවත් එහෙත් ජනතාවගෙන් ඡන්දයෙන් තෙරී පත් වු මන්ත්‍රීවරුන් ජනතාවට පයින් ගසා පටු දේශපාලනයේ නිරත වන බව ද, කියා සිටියේය .

සටහන – CJ