තුන් හෙළයේ ආරක්ෂා කිරිමට බලයට පැමිණි ආණ්ඩුව අද වන විට ගෙදර කුස්සියවත් ආරක්ෂා කිරීමට බැරි වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ,

පාරිභෝගික සේවා අධිකාරිය පහුගිය අප්‍රේල් මාසයේදී ගෑස් සිලින්ඩර වල බර වෙනස් කරපු අවස්ථාවේදී විවිධ උපදේශයන් දෙන විට පාරිභෝගික සේවා අධිකාරියේ අදහස් වලට ඇහුම් කන් දෙන්නේ නැතිව ගෑස් සමාගම් තමන්ට ඕන විදිහට කටයුතු කළා එහිදී මතක් වෙනවා මීට මාස කීපයකට පෙර ඒ මිල ගණන් පිළිබඳව සහ බර පිළිබඳව ප්‍රශ්න ආපු වෙලාවේදී විවිධ ඇමතිවරු පාර්ලිමේන්තුවේ කිව්වා මේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය වෙනස් කරා එය කොලටි ගෑස් ලබාදෙන්න කිව්වා එහිදී මම තර්කයක් නැගුවා intertek ආයතනය 20 21. 4 වෙනි මාසේ 27 වෙනිදා මේ සම්බන්ධව පරීක්ෂණ වාර්තාවක් දීලා තියෙනවා සංයුතිය පිළිබඳව එහිදී දැන් ඇවිල්ලා ගෑස් සිලින්ඩර නෙමෙයි පුපුරන්නේ ගෑස් තමයි කාන්දු වෙන්නෙ ඒ නිසා තමයි පිපිරීම් ඇති වෙන්නේ කියලා පිස්සු කුට්ටි ආරච්චිල ඇවිල්ලා ගොන් කතා කියනවා .ප්‍රශ්නෙ තියෙන්නෙ සිලින්ඩරේ පිපිරුවද කුස්සිය පිපිණාද කියන එක නෙමේ ප්‍රශ්නය ජනතාවට මර බියේ නිදාගන්න වෙලා තියෙන එක හේතුව උදේ එළි වෙද්දී ගෙදර කුස්සියේ පිපිරීමක් සිදුවෙලා තියෙයිද ගෙදර කුස්සියේ පිපිරීම නිසා මොනතරම් හානියක් සිදුවෙලා තියෙයිද ජීවිත හානිය පිළිබඳව ප්‍රශ්නයක් ඇවිත් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු ආණ්ඩුවට ගෙදර කුස්සියට ආරක්ෂාව දීගන්න බැරි වෙලා ඒ නිසා තව දුරටත් කියනවා මේ ගොන් කතා නොකියා කාරණා දෙකයි කරන්න තියෙන්නේ පළවෙනි එක තමයි සමාගම් වලට මේ වගේන් පැනලා යන්න බැහැ හේතුව ගෑස් සිලින්ඩරය පිපිරුණේ නැති උනාට කාන්දුවීම නිසා තමයි පිපිරීම් ඇති වෙලා ජීවිත හානි සිදු වෙලා තියෙන්නේ.ඒ ජීවිත හානි වලට සහ පිපිරීම් හරහා සිදු වෙච්ච පාඩු වලට අනිවාර්යෙන්ම වන්දි ගෙවිය යුතුයි.
ඒ වගේම වහාම පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සීඅයිඩී එකත් එක්ක එකතු වෙලා පරීක්ෂණයක් කරන්න ඕන මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා සහ වැරදි කරුවන් සොයා ගැනීම සඳහා ඒ වගේම තාක්ෂණික සහ විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න ඕන මේක පිටිපස්සේ ඉන්නේ කවුද සංයුතීන් වෙනස් කරා ද වෙනස් කරපු හේතු මොකක්ද ඒ අයට විරුද්ධව දඬුවම් ලබාදීම සඳහා විද්‍යාත්මක පියවර ගත යුතුයි.

තව ඇමති කෙනෙක් ඇවිල්ලා කිව්වා ගෑස් පරිභෝජනය වැඩි වෙනකොට පිපිරීම් වැඩි වෙනවා අනේ මන්දා මට තේරෙන්නේ නෑ මාධ්‍ය හමුවේ මේවට උත්තර දෙන්න බෑ එන ඒවා කියන්න ගියොත් හරි නැති නිසා අවුරුදු අසූ තුනක් වෙලා මඤ්ඤං කියවන්නෙ නැතුව ජනතාවට මේ සම්බන්ධව වගකීමෙන් උත්තර දෙන්න කියලා ආණ්ඩුවට මතක් වෙනවා.

වර්තමානයේ කෘෂිකර්ම ඇමතිවරයා තමා ඇමති වෙලා ඉන්නකොට එක හාල් ඇටයක් වත් පිටින් ගේන්න දෙන්නෙ නෑ කිව්වා. එයා ඊයේ පෙරේදා කියනවා අපිට විදුලිබලය අපනයනය කරන තත්වයට ඇවිත් ඉන්නවා ද ඒවා මොන ගොන් කතා ද හාල් ඇටයක් වත් පිට රටින් ගේන්නේ නෑ කියලා කට්ටිය කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරන් තියෙනවා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 465 ගානේ මියන්මාරයෙන් මෙට්‍රික් ටොන් 50000ක් ගෙන්වන්න එතකොට එක මෙට්‍රික් ටොන් එකකට 465 ඒ කියන්නේ රුපියල් 204 වැඩි කරාම රුපියල් 94. 80වෙනවා මියන්මාර හාල් කිලෝ එකට ඒක නාඩු සම්බාද කැකුළු ද මොකක්ද කියලා දන්නෙත් නෑ. පලවෙනි ප්‍රශ්නය වරාය ගාස්තු ,නැව් ගාස්තු, අනෙකුත් ගාස්තු එකතු උනාම කීයටද දෙන්නෙ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා එතකොට මට මතකයි corvid ආපු මුල් දවස් වල මම කොලොන්නාව හා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වියලි ආහාර ලබාදෙන විට ඒ වෙලාවේ අපි කීරි සම්බා එකක් ගත්තා කිලෝ එක 105 ට එතකොට මියන්මාරය හාල් කීය ගානේ ද දෙන්න හදන්නේ කියන එක අපට තේරෙන්නේ නෑ මේ වෙනකොට රටේ පරිභෝජනය සදහා අවශ්‍ය වෙලා තියෙනවා මෙට්‍රික් ටොන් ලක්ෂ අටක් විතර ඒ අයගෙන් වනවානම් ඩොලර් මිලියන 372ක් ඕන අපේ සංචිත ඒම තියෙන ඩොලර් මිලියන 1500ක් විතර ලබන ජනවාරියේ ඩොලර් බිලියනයක් මිලියන දාහක් ණය ගෙවන්න තියෙනවා මට තේරෙන්නෙ නෑ මේවට කොහොමද ඩොලර් හම්බෙන්නෙ කියලා මේකෙ තියෙන තකතීරු වැඩේ ජනතාවට කියන්න ඕන මේ හාල් ගෙන්වන්න වුනේ ඇයි පොහොර නැති නිසා එහිදී ගොවියට නිෂ්පාදනය කරගන්න බැරි වුණා ඒ නිසා මිනිස්සු කන්න බඩු නැහැ මිල ගණන් ඉහළ ගිහිල්ලා එතකොට ඩොලර් මිලියන 400ක් ගෙවලා පොහොර ටික ගෙනාව නම් මේ ප්‍රශ්න නැහැ අපි ලෙල්ලටම හිර වෙලා ඉන්න වෙලාවේ කොහොමද ඩොලර් මිලියන 372 කරලා ලක්ෂ අටක් මෙට්‍රික් ටොන් ගේන්නේ ඒකෙ ආරම්භක පියවරක් හැටියට තමයි ඩොලර් මිලියන 23ක් වියදම් කරන්න වෙලා තියෙන්නේ අපිට නැතුව ඉන්න වෙලාවේ අමාරුවෙ වැටෙන්න වෙලාවේ ඩොලර් යවලා ලංකාවෙ මිනිස්සුන්ට කන්න දෙන්න වෙන්න සිද්ධ වුණා ඒ හාල් වගා කෙරුවේ කාබනික පොහොර ද කියලා අපි දන්නේ නැහැ. අනිත් පැත්තෙන් මේ පොහොර නැති වීම නිසා නිෂ්පාදනය වීමෙන් අවුරුද්දට ඩොලර් මිලියන 2400ක් එනවා කෘෂි අපනයන බෝග අපනයනය කිරීමෙන් දැන් ඒකත් නැහැ අන්තිමට ආදායමක් නෑ වියදමත් වැඩිවෙලා මේකම ඇති හොඳම උදාහරණය මේ ආණ්ඩුවේ අනුවණකම, තකතීරුකම, මෝඩකම සහ අකාර්යක්ෂම පාලනය මැනවින් ඔප්පු කරලා පෙන්වන්න.

දැන් ෂින්ඩාවෝ ඉඳලා කක්කා නැවක් ආවා දැන් ඒක අමතක වෙලා ගෑස් පිටින් දාල ඒ කක්කා නැව අමතක කරන්න ඉන්නවා සමහර කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවා ඩොලර් මිලියන 6.4 මේකට ගෙවන්න. ගත්තා හෝ නැතා හෝ ගෙවන්න දැන් ඒ නැව ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරලා තවමත් මුහුදේ තියෙනවා .මේ කක්කා නැව බානවද බාන්නේ නැතුව සල්ලි දෙනවද බාලා සල්ලි දෙනවද සල්ලි නොදී හරවා යනවද කියන එක ආණ්ඩුව කිව යුතුයි. මේ කරන්නේ එල්.පී ගෑස් එක පිටින් දාලා ඒ මාතෘකාව යන්න දීලා ඒක අස්සේ මොනවද ගේමක් තමයි මේ කරන්න හදන්නේ ඒ නිසා අපි ඉතාම පැහැදිලිව ආණ්ඩුවට කියනවා මිනිස්සු මෝඩ නෑ මිනිස්සුන්ට අමතක වෙලා නැහැ මිනිස්සු අහක බලාගෙන ඉන්නේ නැහැ ඔක්කොම ඔලුවට දාගෙන ඉන්නේ .ඒ නිසා මේ කක්කා නැවට ආණ්ඩුව සල්ලි ගෙවනවා නම් ඒ ගෙවන නිලධාරීන් වගකිව යුතුයි අනාගත රජයක් යටතේ අපි මේ පිළිබඳව අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියනවා නීති විරෝධී වැඩ කරනවට විරුද්ධව.

අපේ මුහුදු සීමාව අපේ මාතෘ භූමියට අයිති මුහුදු සීමාව උල්ලංඝනය කරන්න කාටවත් බැහැ. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආණ්ඩුව එක එක රටවල් වල කෙළිබිමක් සහ දඩ බිමක් බවට අපේ මාතෘභූමිය පත්කරා සේම අපේ මුහුදු සීමාවත් එක එක්කෙනාට ආක්‍රමණය කරන්න ඉඩ දෙන්න බලන් ඉන්න අපේ ගොඩ බිම ආක්‍රමණය කරත් මුහුද ආක්‍රමණය කෙරුවත් ලංකාව ආක්‍රමණය කරා වගේ වෙනවා ඉන්දීය ධීවරයෝ උතුරු මුහුදු සීමාවෙන් අපේ ශ්‍රී ලාංකික ධීවරයන්ට පාට් එක දාගෙන තද දාගෙන අපේ මත්ස්‍ය සම්පත මංකොල්ල කනවා ආණ්ඩුව මේක දිහා බලාගෙන නිකං ඉන්නවා හේතුව චීන සරණං ගිහිල්ලා ඇනගෙන ඉන්දියාවට හිඟා කන්න ගිහින් තියෙනවා මුදල් ඇමතිතුමා ඩොලර් බිලියන 1.5 ක් හම්බ වෙයි බලාගෙන ඉන්න ඒක වෙනම කතාවක් .දැන් ඉන්දියාවෙන් ණය ගන්න ඉන්දියාව සතුටු කරන්න උවමනා නිසා අද අපේ රටේ ස්වෛරිත්වය කඩන්න ඉඩ දීලා භෞමික අඛණ්ඩතාවය කඩන්න ඉඩ දීලා ඉන්දීය ධීවරයන්ට අපේ මුහුදු සීමාව ආක්‍රමණය කරලා අපේ රටේ මත්ස්‍ය සම්පත මංකොල්ල කන්න ඉඩ දීලා තියෙන්නේ ඇයිද කියන එකත් අපිට අහන්න සිද්ධ වෙනවා.

අපේ රටේ අධ්‍යාපන අමාත්‍යංශය 2021 එකොළොස් 02 දෙවැනි දා පාසල් ඇරීම පිළිබඳව චක්‍රලේඛනයක් යැව්වා. එහි කියනවා ගර්භණී මවුවරුන් සහ වයස අවුරුදු එකට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කිරීමට අවශ්‍ය නොවන අතර වෙනත් විශේෂ රෝගාබාධ වලින් පෙළෙන නිලධාරීන්ට සේවයට කැඳවීමට අත්‍යවශ්‍ය අවස්ථාවේදී පමණක් කළ යුතුයි .ඒකට පරිබාහිරව ගිහිල්ලා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කිරිදෙන මව්වරුන් සේවයට වාර්තා කරනවා අපි දන්නවා බොහෝ පාසල් එකවර පවත්වන්නෙ නැහැ එතකොට කිරි දෙන මව්වරුන්ව අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍ර ලේඛනයට පටහැනිව ගිහිල්ලා සේවයට බලෙන් වාර්තා කිරීම සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට තියෙන අයිතිය මොකක්ද මේ වගේ මේ ආණ්ඩුවේ වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ මොලේ හිතන දේ පපුව දන්නේ නැහැ ඒක කතා කරනකොට එන්නෙත් නැහැ .ඒ නිසා මේ රට අනාත කරලා කුජීත කරලා නන්නත්තාර කරලා ඉවරයි.

සැම්බියාවට ,ලෙබනනයට වෙච්ච දේ වෙන්නට නියමිතයි අපේ රටට මේ පිළිබඳව අපිට විශාල කනගාටුවක් තියෙනවා. ඒ නිසා ලබන ජනවාරි මාසේ ඩොලර් බිලියනයක් ණය ගෙවන්න ඕන මැයි මාසේ වෙනකොට ලබන අවුරුද්දට අදාල සම්පූර්ණ වාරිකය ඩොලර් බිලියන හතරක් හමාරක් වෙනවා . අපේ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන එකහමාරයි කෘෂි අපනයනය සම්පූර්ණ කඩන් වැටිලා පොහොර නැති හින්ද ඒකෙන් එන ආදායම එන්නේ නෑ .සංචාරක කර්මාන්තයේ ආදායම් එන්නෙ නෑ. සෘජු විදේශ ආයෝජන එන්නෙ නෑ කළු සුදු කරන්නන් ගේ තිප්පොළක් බවට පත් කරපු නිසා. විදේශගත ශ්‍රමිකයන් සහ ජී එස් පී ප්ලස් වලින් විතරයි යම්කිසි ප්‍රමාණයක් එන්නේ. දැන් යුරෝපීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා අපේ රටේ ජීඑස්පී ප්ලස් සහනය අහෝසි කරන්න ඕනේ කියලා .හේතුව අපි මානව හිමිකම් වලට ගරු කරන නිසා ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය මාධ්‍ය නිදහසට අපේ රට තුළ ස්ථාවර රජයක් තිබ්බත් ස්ථාවර රාජ්‍යක ලක්ෂණ නැති නිසා නැති වෙන්න යනවා. එතකොට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් තමයි වෙන්න යන්නේ .ඒ නිසා වහාම ආදායම් මාර්ග වැඩි කරගත යුතුයි එහෙම නැත්තම් ගෙවන්න තියෙන ණය නැවත re arrange කරගන්න වෙනවා එසේ කරගන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට ගිහිල්ලා යම්කිසි සාකච්ඡාවකින් අනතුරුව යම්කිසි සහන කාලයක් ලබා ගන්න ඕන එසේ කරොත් අපිට පුළුවන් දැනට එන සොච්චම් ඩොලර් ප්‍රමාණය ප්‍රාග්ධනයක් බවට පත් කරන්න ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වලට ගරු කරලා මාධ්‍ය නිදහස ස්ථාපිත කරනවා කියලා පොරොන්දුවක් දුන්නොත් අපිට යුරෝපා කොමිසම ලෝකයේ ණය ඒජන්සිස් වලින් ඩොලර් ණය ප්‍රමාණයක් ගන්න වෙනවා එහෙම නොවුනොත් ඉදිරි කාලයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්න ගන්නත් අපිට ඩොලර් නැති වෙනවා එහෙම ගෙන්න ගන්න බැරි වුණාම තමයි පෝලිම් සහ කළු කඩ නිර්මානය වෙන්නෙ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට මේක කරගන්න තේරෙන්නේ නැහැ සමහර අයට ආණ්ඩු පෙරලන්නත් හදිස්සියි මේ වෙලාවේ සමගි ජන බලවේගයට ආණ්ඩු පෙරළන්න කිසිම හදිස්සිය කුත් නැහැ නමුත් ජනතාවට සහන ලබාදීම සඳහා ජනතාවට සාමාන්‍ය පරිදි ජීවන රටාව පවත්වාගෙන යෑම සඳහා ගෙනයන්නා වූ සටන අපි අනිවාර්යෙන්ම කරනවා ඒ විතරක් නෙමේ ලබන අවුරුද්දේ අපි මේ ආණ්ඩුව අනිවාර්යෙන්ම පෙරළනවා කියලා පැහැදිලිව කියනවා එසේ කරලා ජනතාව අපි මොනාද කරන්නේ කියලා ආණ්ඩුව ගත්තු ගමන් අනිවාර්යෙන්ම ජනතාවට සහන පැකේජ් එකක් දෙන්න ඕන තෙල් මිල අඩු කරන්න ඕන ගෑස් මිල අඩු කරන්න ඕන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අහස උසට ගිහින් තියෙන්නෙ ආදායම් වැඩි වෙන්නේ නැතුව ජීවන වියදම වැඩි වෙලා ඒ ප්‍රමාණයට ගැළපෙන විදිහට ජීවන මට්ටම අඩු කරන්න ඕන එයට ලෝකයේ අනෙකුත් රටවල් එකතුවෙලා දූපත් මානසිකත්වයෙන් ඔබ්බට ගිහිල්ලා මේක මැදමුලන තේ කඩයක් කරනවා වගේ කරන්න බැහැ ඒ ආයතන එක්ක සාකච්ඡා කරලා අපේ රටේ ස්වෛරිත්වය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගනිමින් එක එකාලට අපේ දේශසීමාවන් ආක්‍රමණය කරන්න දෙන්නෙ නැතුව ඊළඟට එන්නෙ ප්‍රේමදාසගෙ පුතා එක් එක්කෙනාට ඕන විදිහට අපේ රට කෙලිබිමක් බවට පත් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ ඒ වගේම වහසි බස් දොඩ ඉන්නේ නැතිව වහාම ණය ටික අරගෙන හුස්ම ටිකක් ගන්න කාලයක් පාදගන්න අනිත් ආයතන වල උදව් ලබාගනිමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු කරල මූලික පියවරක් විදිහට ඒ වැඩ කටයුතු කිරීම සඳහා තමයි අපි මේ ආණ්ඩුව පෙරළන්න කියන එක පැහැදිලිව කියනවා.

මරික්කාර් මහතා මේ බව කියා සිටියේ අද (02) විපක්ෂ නායක කර්‍යාලයේ දීය .