දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෑස් පිපිරීමත් සමගම දවසගානේ මේ ‍ප්‍රශ්න නිසා රටේ ජනතාව අනතුරේ සිටින බවත් මේ පාලකයෝ කිසිම තැකීමක් නැතිව සද්දෙ නැතිව විසදුම් සෙවිමට සති ගණන් කල් ඉල්ලමින් සිටින බවත් මෙහෙම වැඩ කරන්න ද මේ වීරයා ගෙනාවේ මේ වගේ රටක් නිර්මාණය කරන්න ද? මේ වීරයා අරගෙන ආවේ ? යන්න මේවද එනකොට කිව්ව පොරොන්දු අඩුම ගානේ මේ ප්‍රශ්නයට ක්ෂණිකව උත්තරයක් හොයන්න පියවරක් තියන්න කොන්දක් නැති ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ,

මේ රටේ දැවෙන ප්‍රශ්න පාලකයන් අමතක කරලා. රටේ ජනතාව ඉතාම අසීරු තත්වයකට පත්වෙලා ඉන්න මොහොතක එය නොපෙනෙන විදියට පාලකයන් ඉන්න මොහොතක්. විශේෂයෙන්ම එදා 70 77 දශකයේ මේ රටේ පෝලිම් යුගයක් නිර්මාණය වෙලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරට නිර්මාණය කරපු ඒ ආර්ථික ක්‍රමයට අනුව රටේ හාල් කිලෝ එකක් අරගෙන රට ඇතුලත ඇවිදින්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. ආහාර ද්‍රව්‍ය වලට බාධක දැම්මා. රෙදි කෑල්ලක් අරගන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. වාහනයකට ටයර් එකක් අරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතිහාසය එදා දීපු පාඩම තමයි හයෙන් පහක බලයක් දීලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා⁣ට මේ රටේ බලය ලබා දුන්නේ එවැනි වටපිටාවක් තුළ මේ රටේ ජනතාව ඒ හිරවීම අමතක වෙලා රට වෙනත් දිසාවකට යොමු වෙලා තියෙන මොහොතක අද වන විට නැවතත් පෝලිම් යුගය දකින්න තියෙනවා එය අද මේ රටේ නිර්මාණය වෙලා සාමාන්‍යකරණය වෙමින් යනවා එය නතර වෙලා නැහැ අපිට මතකයි කහ වලට කිරිපිටි වලට සීනි කිලෝ එකට හාල් කිලෝ දෙකට පෝලිම නිර්මාණය වෙලා .ඒ විතරක් නෙවෙයි අද මේ රටේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙකුට super market එකට කඩේ කට ගිහිල්ලා බඩු ගන්න බෑ ඒකටත් සීමාවල් පනවලා එහෙමනම් අද රට ආර්ථිකමය වශයෙන් 70 /77 යුගය මේ වෙනකොට ඒ කාරණා සිදුවෙයි නැවත වතාවක් රටේ සමාජය තුළ දකින්න පුළුවන් තත්වයක් ඇවිල්ලා

අලුතෙන්ම මතු වෙච්ච දේ තමයි ගෑස් කතාව පහුගිය දිනවල ගෑස් පෝලිමක් තිබුණා එහිදී රජය එක එක කාරණා මතු කරා එකපාරටම ලාෆ් ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මාධ්‍යයට ඇවිත් කිව්වා මට මේක කරගෙන යන්න බෑ ගෑස් මිල වැඩි කරන්න ඕන කියලා අසීමිත ගාන එකෙන් ගෑස් මිල වැඩි කරන්න අවසර දුන්නා එහිදී පාරිභෝගිකයා ගැන ආණ්ඩුව හිතුවේ නෑ ගෑස් මිල වැඩි කරා ටික දවසක් යනකොට නැවත වතාවක් ඒ සමාගම ගෑස් ගේන එක නතර කළා එහිදී කිව්වා සමාගම් දෙක එකතු කරන්න ඕන කියලා ඒකෙ පිටිපස්සේ ආණ්ඩුවේ බලධාරීන්ට මේකෙ අයිතිය ලැබෙන ගිවිසුම් නිර්මාණය වුණා ඒ ගිවිසුම් එක දැන් ගෑස් සමාගම් දෙක යම් එකඟතාවයකින් මේ රටේ ජනතාවට පහසුකම් සපයනවා කියන කාරණාව ඇතිවෙලා හැබැයි දැන් ඇතිවෙච්චි තත්ත්වෙ මොකක්ද ලාෆ් ගෑස් එකක් නෑ ලිට්‍රෝ ගෑස් එකක් නැහැ එවැනි වේලාවක ගැස් එකේ ප්‍රමාණය තුළ ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් ඇතිවෙලා ලංකා ඉතිහාසයේ ගෑස් වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් ආපු පළවෙනි අවස්ථාව මේක ප්‍රමිතිය නිසා මේ රටේ ජනතාවගේ ජීවිත අහිමි වෙන පළවෙනි අවස්ථාව මේක ගෑස් පිලිබඳ ප්‍රශ්නයක් මුළු රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා ඒකට උත්තර හොයන්න රටක් අවදි වෙච්ච පළවෙනි අවස්ථාව මේක අපි අහනව ගෝඨාභය රාජපක්ෂ කියන මහා විරුවා මේ රටට අරගෙන ආවේ මේ වගේ කාලකණ්නි දේශයක් නිර්මාණය කරන්න ද නරුම දේශයක් නිර්මාණය කරන්න ද මේ රටේ අහිංසක මිනිහට ගෙන ගෑස් ටැංකියක් තමන්ගේ කොමිස් මුදලට තමන්ගේ පාලකයන්ගේ බලු වැඩ වෙනුවෙන් ප්‍රමිතිය වෙනස් කරලා අද ප්‍රමිති සහතිකය දෙන්න එම ආයතනය මරනින්දේ ඉන්නවා ඒ වගේම මේ රටේ ගිනි ඇවිලෙන දිහා බලාගෙන ඉන්නවා ජීවිත අහිමි වෙනවා බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයා සුපුරුදු පරිදි වැඩක් කරල තියනවා ඒ කොමිෂන් එකක් දැමීමයි සති දෙකෙන් වාර්තාවක් ඉල්ලනවා ක්ශනික ඇමතුම් අංකයක් දාලා තියෙනවා 1311 කියලා මේවා කියලා හරි යයිද දෙයියනේ මේවා උත්තර නෙමෙයි දවසගානේ මේ ‍ප්‍රශ්න නිසා රටේ ජනතාව අනතුරේ ඉන්නවා මේ පාලකයෝ කිසිම තැකීමක් නැතිව සද්දෙ නැතිව සති ගණන් කල් ඉල්ලනවා මෙහෙම වැඩ කරන්න ද මේ වීරයා ගෙනාවේ මේ වගේ රටක් නිර්මාණය කරන්න ද මේ වීරයා අරගෙන ආවේ මේවද එනකොට කිව්ව පොරොන්දු අඩුම ගානේ මේ ප්‍රශ්නයට ක්ෂණිකව උත්තරයක් හොයන්න පියවරක් තියන්න කොන්දක් නැති ආණ්ඩුවක් කියන එක මේ අවස්ථාවේ කියනවා කරුණාකර අනිත් වැඩ පැත්තකින් තියලා මේ ප්‍රශ්නය රටේ ජාතික ප්‍රශ්නයක් කියන එක අවබෝධ කරගෙන රටේ ජනතාව බේරගන්න අපහසුතාවය අවබෝධ කරගෙන ජීවිත තර්ජනයෙන් ජනතා මුදවා ගන්න අවශ්‍ය කටයුතු කරන්න .ගෑස් ප්‍රශ්නයක් තියෙනවා කියන එක පැහැදිලියි ඒක පාරිභෝගික කටයුතු භාර රාජ්‍ය ඇමතිවරයා ඒ කටින් කියනවා එතුමට ඒක කියා ගන්න බැරුව ඉන්නෙ එතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදිහට බෙල්ල මුලට හිර කරලා බිත්තියට හේත්තු කරල එතුමට ඇත්ත කියන්න බැහැ මේ වෙන විට පරීක්ෂණ වාර්තාවලින් මේ තියෙන ප්‍රොපේන් සහ බියුටේන් කියන සංයෝගයන් පිළිබඳව ඇත්ත තොරතුරු ඇවිත් තියෙනවා ලංකාවට නුසුදුසු බව අනාවරණය වෙලා තියෙනවා අපි දන්න තරමේ ඒක සමාජයට කියන්න බැහැ අඩුම තරමේ ඔබතුමා ලොවම හංගගෙන ඉන්න මේ රටේ ජනතාවට මේ වෙනකොට වෙළඳපොළට නිකුත් කරලා තියෙන ගෑස් ටික ආපහු අරගෙන හරි ජනතාවගේ අපහසුතාවයෙන් ජනතාව මුද වන්න කටයුතු කරන්න එහෙම නැතුව අංක දීලා අංක වලින් හොයාගෙන යන ගොන් ඔලමොට්ටල තකතීරු වැඩ වලින් මේ ආණ්ඩුව ඉවත් වෙන්න කියන කාරණාවත් මේ අවස්ථාවේ කියනවා.

අද ආණ්ඩුවේ ආර්ථික තත්ත්වය ඉතාමත් මන්දගාමීයි.ආර්ථික වශයෙන් සුරපුරයක් කරන්න කඩා වැටිච්ච ආර්ථිකය නගා සිටුවන්න හැමදාම කියන විදිහට ආර්ථික වේගය ඉහළ කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ අපිට ඕන තරම් සල්ලි හොයන්න පුළුවන් කියන පුරසාරම දාපු ආණ්ඩුව ඊයේ පාර්ලිමේන්තුවේදී විලි ලැජ්ජ නැතුව රාජ්‍ය ඇමතිවරයෙක් කියනවා අපේ රටේ ආර්ථිකය නගා සිටුවන්න ආර්ථිකයට ශක්තියක් වෙන්න අපි කංසා අපනයනයට යනවා කියලා ලැජ්ජයි ඇමතිතුමා ගමකින් ආපු ඇමතිවරයෙක් හැටියට රාජපක්ෂ මහත්තුරුන්ට රෙදි නැතුවම කඩේ යන්න එපා කියන්න මේ රටේ ජනතාව මේ රටේ සංස්කෘතිය සදාචාරය විකුණලා දාන්න එපා ගම්පහ මන්ත්‍රීතුමියක් කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා අපේන් ගියපු නෝනා කියනවා මේකේ කංසා ගේන්න කංසා ටික විකුණන්න ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඔබතුමිය ඒක කරගන්න කරගෙන යන විදියට සද්දෙ නැතුව ඒක කරගන්න මේ රටේ අහිංසක මිනිස්සු ආරක්ෂා කරන් ආපු සදාචාරය ආගමික පරිසරය මේ රටේ අන්‍යාගමිකයන් එක්ක ඇතිවෙච්ච ඒ සංහිඳියාව විනාශ කරන තීන්දු තීරණ වලට මේ පාර්ලිමේන්තුවේ එන්න ලෑස්ති වෙන්න එපා .අන්න එදාට තමයි ඔබතුමාලට වැරදෙන්නේ මේ ආණ්ඩුව මුට්ටිය දාලා බලනවා පසුපෙළ මන්ත්‍රීවරු දාලා මේ වැඩේ හරි යාවිද කියල ගංජා විකුණලා ආර්ථිකයක් හදන්න මේ රටේ කාන්තාව විකුණලා ආර්ථිකයක් හදන්න නම් ගෝඨාභය මහත්තයා මේ රටට ගේන්න ඕන නැහැ අර ත්‍රීවිල් එකක් එලවන මිනිහෙකුට මේ රට බාර දුන්නත් මීට වැඩිය හොඳට කරනවා ඒ මිනිහට අවබෝධය තියෙනවා මේ රටේ තියෙන ආර්ථිකමය ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කොහොමද කියලා ඒ නිසා ගංජා විකුණලා කාන්තාවෝ විකුණලා හදන ආර්ථිකයක් නම් 2022 ආර්ථික දැක්ම වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවේ අනේ අපේ රටට අබ සරණයි කරුණාකරලා මහත්තයෝ පුළුවන් මිනිහෙකුට කරන්න බාර දීලා යන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ.

දැන් හාල් ගැන කතා කරා පහුගිය කාලේ ගත්ත තකතීරු තීන්දු වල තවත් එකක් තමයි හාල් ටික පිටරටින් ගේන්නේ වෙලා තියෙන්නේ එදා කිව්වේ මේ රටේ මිනිස්සුන්ට වහ කවන්න හොඳ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා වකුගඩු රෝගීන් නිර්මාණය වීම නතර කරන්න තමයි අපි කාබනික පොහොරවලට යන්නේ කිව්වා හැබැයි අපි හාල් ගේන්නේ නෑ හාල් ගෙනාවොත් මහින්දානන්ද එක පැය භාගයක් ඉන්නේ නෑ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා කිව්වා ඔන්න දැන් මියන්මාරයෙන් හාල් එනවා මොනවද වෙලා තියෙන්නෙ ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිලා ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාට දේශපාලනය පිළිබඳ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නෑ ඒක පැහැදිලි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විදියට ඔබතුමාට මේ ප්‍රශ්න ඇහෙන්නේ නෑ ඔබතුමාට එක්කෝ ප්‍රශ්න දැනෙන්නෙ නැති තැනට පත්වෙලා නිසා අද බැසිල් රාජපක්ෂ මහත්තයට ඕන වෙලාවක මේ රටෙන් එළියට යන්න හයිය තියෙන මනුස්සයෙක් විදිහට මේ රටේ ජනතාව එල්ලා මරණ තත්වයට ඇවිත් තියෙනවා පාගලා මරණ තත්වයට ඇවිත් තියෙනවා මේ රටේ ජනතාව නොකා නොබි හාමතේ මරලා දාන්න තත්ත්වයට ඇවිත් තියෙනවා කරුණාකරලා මේ ගැන අවබෝධයෙන් කොන්ද පණ තියෙන එක් ඇමතිවරයෙක් ඉන්නවනම් මේ අමාත්‍යාංශය භාරව කෙලින් ඉඳගෙන මේ ආණ්ඩුව ගෙනියන්න මර්ධනකාරී ජනතාව අසරණ තත්ත්වයට පත් කෙරෙන වැඩපිළිවෙළ එරෙහිව හිටගන්න ඩලස් අලහප්පෙරුම ඇමති තුමා යුගදනවියට එරෙහිව අයින් උනා වගේ කොන්ද කෙලින් තියාගෙන හිටගන්න කියනවා නැතුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ සන්දර්ශන දාලා ආණ්ඩුවේ තවදුරටත් සපත්තු ලෙව කන තත්ත්වයට නෙමෙයි රට බේරගන්න ඉස්සරහට එන්න අපි විපක්ෂයේ කාර්යභාරය කොන්ද කෙලින් තියාගෙන කරනවා අපි කියනවා මේ රටේ ජනතාවට මෙහෙම විසඳගන්න බැරි නම් මොන තර්ජන ගර්ජන මේ ආණ්ඩුවෙන් ආවත් මහ පාරෙදි හරි රාජපක්ෂ මහත්තුරුත් එක්ක මේ ප්‍රශ්න විසඳ ගන්න සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක මේ රටේ පොදු ජනතාව සූදානම් වෙලා ඉන්නවා.

ඊයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිපිරීමක් සිදු වුණා ලංකාව පුරා පිපිරීම් අටක් පමණ සිදු වෙලා මේක එන්න එන්න වැඩි වෙනවා මෙච්චර කල් එහෙම එකක් නැති වුණේ පරණ ගෑස් එකට අලුත් එකක් ගත්තෙ නැති හින්දා දැන් අරගෙන තියෙනවද අලුත් ගෑස් එක පාවිච්චි කරනකොට රටපුරා තව කොච්චර එයිද ඒක නතර කරගන්න බැරි වෙනවා කොරෝනා වසන්ගතය දී මිනිස්සු මැරුනට පස්සේ බෙහෙත් ගෙනාවා වගේ මේ රටේ ගෑස් වලිනුත් මිනිස්සු මැරුණට පස්සේ ආණ්ඩුව උත්තර හොයලා වැඩක් නැහැ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු අධ්‍යයනය කරලා ඔවුන්ගේ වාර්තා එනකම් කල් අරන් ජනාධිපති තුමාගේ වාර්තාව එනකන් කල් ගන්න මේ අංකයට තොරතුරු එනකං කල් ගන්න මොන ආණ්ඩුව ද? මේ වගේ දෙයක් කරන ආණ්ඩුවක් ඕනෙද මේක රටේ ස්වේච්චා සංවිධානයටත් කරන්න පුළුවන් සර්වෝදයට කරන්නත් පුළුවන් බරු වැඩ ගොංපාට් නතර කරල දාලා මේ ප්‍රශ්නයට අවශ්‍ය කෙලින් උත්තරය හොයන්න.

පැහැදිලිවම ගෑස් පිපිරීම ආපදාවක් ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ කුස්සියෙ වැඩ කරන අපේ කාන්තාවට ගිහිල්ලා බය නැතුව කෑම ටික හදාගන්න බැරි තත්ත්වයක් මේ රටේ කවදාවත් ඇති වෙලා නැහැ මට අවශ්‍ය බඩු ටික ගන්න ආර්ථිකය කඩාගෙන වැටිල තියෙන වෙලාවක හාල් ටික හොයා ගන්න විදියක් නැති තත්ත්වයට කුස්සිය පත්වෙලා තියෙන කොට ඒකට උත්තරයක් හොයන්න බැරිනම් ඒක ආපදාවක් කියන කාරණාව අවබෝධ කරගන්න බැරි නම් ඒක ප්‍රශ්නයක්.

පැහැදිලිවම මම ඒ රටේ පුරවැසියෙක් විදියට කියනවා යහපාලන ආණ්ඩුව කාලෙත් පට්ටපල් බොරු ටිකක් ගෑස් සමාගමේ හිටියා ඔවුන් කරන්නේ මේ රටේ ගෑස් අලෙවි නියෝජිත ටික අල්ලගෙන මහ විශාල කොමිස් ටිකක් සාක්කුවට දාගන්නවා මේ වෙනකොට ප්‍රධාන විධායක නිලධාරී විදියට ඉන්න ජනක කියන නිලධාරියා මංකොල්ලකාරයෙක් විදියට මේ රටේ ගෑස් සමාගම් එක්ක නිළධාරින් එක්ක කටයුතු කරනවා අවශ්‍ය තොරතුරු අවශ්‍ය වෙලාවට අපි ඉදිරිපත් කරනවා ඒ නිසා ගෑස් බෙදාහැරීම තුළින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ කටයුත්තක් මෙතන වෙන්නේ නැහැ පාරිභෝගිකයට මොනව උනත් මේක ඇතුලේ මහා මංකොල්ලයක් සිදුවෙනවා එදා හාමුදුරුවොන්ට පඩි දෙන්න වැඩි වැටුප් දෙන්න මේ සමාගම් පාවිච්චි කරා අපි විරුද්ද වෙනවා ඒ නිසා අපි කියනවා ගෑස් සමාගම කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන ආයතනයක් ඒක තවත් මංකොල්ල කන තත්ත්වයට පත් කරන්න එපා දැන් ඉන්න සභාපතිතුමා දන්න කෙහෙල්මල එතුමා ගෑස් වල තියෙන ප්‍රමිතිය දන්නෙ නෑ සංයුතිය දන්නේ නෑ නිලධාරී කියන ටික ඇවිල්ල කියනවා සභාපතිතුමා නොදන්න මගුල් කරන්නෙ නැතුව ගෙදර යන්න ඔබතුමා දන්නෙ නෑ වෙන දේවල් ඔබතුමා දන්නෙ නෑ මාපියාව ඒවට උත්තර හොයන්න අඩුම ගානේ මේ විෂය පිළිබඳ පොඩි හරි අවභෝදයක් තියන අවම අවබෝධයක් තියෙන කෙනෙක් හරි වාඩිවෙන්න නිකං හැපිචෝල් පොරවල් ගෙනල්ලා මේකෙ සභාපති බවට පත්වුණාම ඇමතිවරුන්ට ඕන විදිහට හොරා කන එක තමයි වෙන්නේ.

ගෑස් පෝලිමට උත්තරය මිනීමරන ගෑස් එකක් දෙන එක නෙමෙයි මේ මිනිස්සුන්ට මෙච්චර කල් ලබා දීපු ප්‍රමිති සහතිකය තියෙන ගෑස් ලබා දෙන එක ආණ්ඩුව පෝලිම නවත්තන්න මිනිස්සු මැරෙන ගෑස් එකක් දීලා පෝලීන් නවත්වන්න පුළුවන් නම් හෙට අනිද්දා කන්න පෝලිමේ ඉන්න කොට වහ ටිකක් දෙයි මිනිස්සුන්ට කෑම පෝලිමේ යන්න එපා මේකෙ මහා තියෙන්නෙ කියලා මේක සෙල්ලමක් විදියට හිතාගෙන ඉන්නවා නම් ආණ්ඩුව කරුණාකරලා ආණ්ඩුවෙන් කියනවා දැන් කරන්න බැහැ විකල්පයකට එන්න පාර්ලිමේන්තුවට ඇවිල්ල බයිලා ගහන්න යන්න එපා මේ රටේ තියෙන ප්‍රශ්න සියල්ල උත්තර හොයන්න පුළුවන් කතිකාවක් ඇති කරන්න අදත් උද්දච්ච කමට විපක්ෂය පැත්තක තියලා තනියෙන් උත්තර හොයන්න යනවා අපිට ආරංචි වෙනවා දැන් කරගන්න බැරිව පරණ නායකයෝ එකතු කරගෙන ජාතික ආණ්ඩු හදන්න යම් යම් කතිකාවක් ඇති වෙනවා කියලා අනේ බලාපොරොත්තුවෙන් ඉන්නවා පරණ බඩු ගෙනහල්ලා නැවත මේ රට උඩට ගෙනියන්න පුළුවන් නම් බොහොම හොඳයි අපි අත් දෙකෙන්ම ආචාර කරනවා ඒ ගමන සාර්ථක වෙන්න කියලා හැබැයි ඉතින් මේ රටේ මිනිස්සු දන්නවා පරණ බඩු කරපු දේවල්.

එදා කිව්වේ වද කොත්තු වද බ්‍රෙසියර් තියෙනවා කියලා වෙන වෙන කතා කිව්වා වඳ අම්මලා ඇවිල්ල දවසගානේ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති වල විශාල ඉඩක් දුන්නා වඳ වෙච්ච අම්මල ඇවිල්ල මට දැන් දරුවෝ අවුරුදු පහකින් නැහැ මට මේක මහා ලොකු ගැටලුවක් කියලා හඬලා කිව්වේ ඒ සංදර්ශන වලට ඉඩ දීපු රටක් තමයි අද නරක තැනට ගෙනල්ල තියෙන්නෙ මිනිස්සු රවට්ටලා ඒ සන්දර්ශන කරපු නයි ගෙනල්ලා හාමුදුරුවෝ චීවරය විනාශ කරපු ඒ ප්‍රවෘත්ති නිසා ඒ සපයපු නාලිකා නිසා ලැජ්ජ වෙන්න ඕන මේ රටේ ඒ සංදර්ශනය කරපු රට තමයි අද ඇත්ත තැනට ඇවිත් තියෙන්නෙ අද ඒවා බොරු සන්දර්ශන කියලද ඔප්පුවෙලා තියනවා ඒ අම්මලා ඔක්කොම අදත් ඇවිල්ල කියන්න ඕන දැන් තමන්ගේ ආණ්ඩුවක් තියෙන්නෙ එදා ඇවිල්ල ගියපු අයට සාධාරණයක් කෝ වෛද්‍ය සාපි පාඩුවේ ඉන්නවා වෛද්‍යවරයා වැරැද්දක් කරල නම් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්න ඕන ඒ ගැන කතා කරන්නෙ නෑ එහෙම නම් සංදර්ශන බොරු කියලා ගෙනාපු ආණ්ඩුවට දැන් ඇත්ත ප්‍රශ්න ටිකක් තියෙනවා ඒක වැඩි වෙලා තියෙන නිසා එය එළියට එන්නේ නෑ ප්‍රශ්න ඉවර වෙලා නෑ ප්‍රශ්න පෝලිමේ තියෙනවා හැබැයි ඊට වැඩිය දැවෙන ප්‍රශ්නයක් දවස ගානෙ මේ රටේ නිර්මාණය වෙනවා අද ගෑස් ප්‍රශ්නයට වැඩිය ලොකු ප්‍රශ්නයක් නෑ මොකද ඒ හරහා මිනිස් ජීවිත අහිමි වෙනවා කොරෝන නැති වෙලා නෑ අපි දන්නවා බොරු පීසිආර් ප්‍රමාණයක් කරන්නේ මේ රටේ. අභියෝග කරනවා හෙට පුළුවන් පරීක්ෂණ ලක්ෂයක් කරන රෝගීන් පනස් දාහක් හම්බ වෙනවා ආන්ඩුවේ දැනෙන්නේ නෑ මැරෙන එකෙක් මැරියං ජීවත් වෙන එකෙක් ජීවත් වෙයන් කියලා එන්නත් ටික ගහලා සංඛ්‍යාලේඛන පෙන්නන්න ඇමැතිවරයා හිතනවා නම් හරි අපි සාර්ථකයි කියලා හෙට අනිද්දා බලාගන්න පුළුවන්.

මේ බව කියා සිටියේ ඊයේ (01) විපක්ෂ නායක කර්‍යාලයේ දීය .