ලංකාවේ මෙන්න ලොකය පුරා ප්‍රසිද්ධ වී ඇති GotaGoHome තේමා පාඨය ප්‍රථම වරට ගෙනවේ සමගි ජන බලවේගය බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

එනම් පසුගිය 15 වනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සමගි ජන බලවේගය මගින් පැවැත්වු විරෝධතාවයේ දී බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

එම විරෝධතාවය සංවිධාන කිරීමේදී මන්ත්‍රී කණ්ඩායම රැස්විමේදී එම තේමාව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ බව ද, අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේය .

වැඩි දුරටත් කියා සිටියේ රටේ ජනතාව පවසා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවම ඉවත් විය යුතු බවයි .

එලියෙන් සිටින ජනතාව පවසන දෙය ඉටු කිරිම සදහා ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් හා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනන බවත් ඒ සදහා දැනටමත් අත්සන් කිරීම අරඹා ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය .

සමගි ජන බලවේගය ව්‍යවස්ථානුකූලව ආණ්ඩුව ඉවත් කිරීමට කටයුතු කරන බවත් ආණ්ඩුව භාර ගැනිමට සමගි ජන බලවේගය කැමති බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

දෝෂාභියෝගයදී හා විශ්වාසභංගයේ දී ජනාධිපතිවරයාට මෙන්ම ආණ්ඩුවට අකමැති ඇයට ඒ සඳහා අත්සන් කීමට හැකියාව ලැබෙන බව ද මන්ත්‍රීවරයා ක්‍රියා සිටියේය. තවද ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වු මන්ත්‍රීවරුන්ට තීරණය ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන බවද කියා සිටියේය.

රටේ ප්‍රශ්න 3ක් නිර්මාණය වී ඇති බවත් අර්ථික අර්බුදය , දේශපාලන අර්බුදය , ව්‍යවස්ථා අර්බුදය ලෙස මන්ත්‍රීවරයා කියා සිටි අතර අර්ථික අර්බුදය විසදා ගැනිමට සමගි ජන බලවේගයට හැකි බවත් දේශපාලන අර්බුදය නම් ආණ්ඩුව කොටස් 5කට කැඩිම බවත් ව්‍යවස්ථා අර්බුදය නම් ජනතාවගේ කැමත්තට අනුව ආණ්ඩුව ක්‍රියා නොකිරීම බවද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

සාමකාමීව පවත්වන විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව මැරවරයින් යොදා ගෙන ඇති බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

සටහන – CJ