දින 90ක් රදවා සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිදම්ම හිමි නිදහස් කර මානව නිදහස තහවුරු කරන ලෙස විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි.

“සභාවට ප්‍රකාශ කරන්න වසන්ත මුදලිගේ සහ සිරිදම්ම හාමුදුරුවෝ රදවා තබාගෙන ඉන්න හේතුව”

“කරුණා කරලා ඒ දෙපල නිදහස් කරන්න…. ඒක ආණ්ඩුවටත් හොද නෑ, මානව නිදහසටත් හොද නෑ”

මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් පැවසුවේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවට අනුව සාමාන්‍ය නිතිය යටතේ ක්‍රියාමාර්ග ගත හැකි දේවල් වලට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගැනීම හේතු විරහිත කරුණක් බවයි.