අද දින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරිපූරක අයවැය ඉදිරිපත් කරනවා ඊට කලින් ඔහු අගමැති ධූරය ලබා ගනිමින් ගෘෂාගේ චරිතය හුවා දක්වා පාලමෙන් එගොඩ වීම සඳහා දරන්නා වූ වෑයම සහ උත්සාහය පිළිබඳව කතා කළ බව අද (30) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍යා හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්​වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.

අද දින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරිපූරක අයවැය ඉදිරිපත් කරනවා ඊට කලින් ඔහු අගමැති ධූරය ලබා ගනිමින් ගෘෂාගේ චරිතය හුවා දක්වා පාලමෙන් එගොඩ වීම සඳහා දරන්නා වූ වෑයම සහ උත්සාහය පිළිබඳව කතා කළා .එදා ඔහු කිව්වා යන පාලම අබලන් එම පාලම කැඩීම තුළ තිබෙන ගැඹුරේ භයානකත්වය පිලබඳව .හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහතා පාලමෙන් එගොඩ වෙලා පුරවැසියන් තවම පාලම මැද අතරමං වෙලා දැවැන්ත අගාදයට ඇදෙමින් පවතින බව රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාට කියන්න වෙනවා.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපිට කියන්න ඔබ අගමැති වුණ සැනින් රටට දීපු පොරොන්දු ඉටු කළාද? මොකද අපි දන්න විදියට වෙරිටේ රිසච් ආයතනය කියනවා පහුගිය අයවැය ලේඛනය පිලිබදව සොයා බැලීමේදී 6%ක් ප්‍රතිශතයක් විතරයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා .ජනතාවට ඉටු නොවිච්ච යොජනා 46%ක් තිබෙන බව එම ආයතනය සොයා බලා තිබෙනවා එසේනම් බොරු යෝජනා තුළින් රටේ ජනතාව අයවැය කොල කෑල්ලකින් සැනසීමේ උත්සාහයකද නැවතත් වර්තමාන ජනාධිපතිවරයා ගේ උත්සාහය. මොකද රනිල් වික්‍රමසිංහ මහතාට අතින් ගෙනත් දෙන්න විදියක් නැහැ මොකද තිබුණ ගෙදරත් පිච්චිලා. එහෙනම් මේ පරිපූරකය තුල අපි දකිනවා වක්‍ර බදු වැඩි කර ජනතාව පීඩනයට පත් කරමින් තව තවත් ජනතාව මහා දැවැන්ත ආර්ථික, සමාජයීය අර්බුදයක නිර්මාණය කිරීමේ අයවැය ලේඛනයක් විදියට අපි දකින්නේ විපක්ෂයක් විදියට ඒ සඳහා වූ දායකත්වය අපි පාර්ලිමේන්තුව තුල අයවැය ලේඛනයට අපේ සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා හැබැයි බොරුව මුසාව ඒ සියල්ල බොරු කියන කාරණය එලිදැක්වීමේ කාරණය ඉදිරි දින තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමදාම රටේ ජනතාව රවට්ටන්න බෑ දැන් රැවටිලා තියෙන්නේ එම රැවටීම තුළ බරපතළ තැනකට රට ඇද වැටිලා එම නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආපු සැනින් විශාල බලාපොරොත්තු රටේ ජනතාවට ඉටු වේවි කියන විශ්වාසය සමහර දේශපාලන විද්වතුන් ලබා දෙන්න කටයුතු කළා. විද්වතුන් කියන්නේ රාජපක්ෂ නඩය උදවිය සහ රනිල් වික්‍රමසිංහ හිතවාදී දේශපාලන කණ්ඩායම. අපිට මතකයි පැය 24න් මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් තැනකට අවශ්‍ය සාධාරණ වැඩපිළිවෙළ යොදවනවා කියලා කිව්වා. නමුත් දැන් අපට පේනවා IMF එක පවා ණය ලබා දෙනවද නැද්ද කියලා කාරණය පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා සාර්ව ආර්ථික ණය කළමනාකරණ වැඩපිළිවෙළවත් මේ වෙනකොට ආණ්ඩුව යෝජනා කරල නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. එසේ තිබිය දී ආණ්ඩුවේ එකම බලාපොරොත්තුව හීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ හැර වෙන කිසිම විදේශ රටක සහයෝගය ආආධාරය උපකාරය ණය මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ රාජ්‍යයට ඩොලර් ලැබිලා නැහැ එහෙමනං අපි අහනව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේන් ජනාධිපතිතුමාගෙන් මේ රට මුදවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ගන්නාවූ සහයෝගය සඳහා ඔබ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතු සර්වාර්ථ ණය කළමනාකරණ වැඩපිළිවෙළ කෝ. ඇයි ප්‍රමාද මේ සඳහා ප්‍රමාදයට හේතුව වගකීම රටේ ජනතාව තව තවත් පීඩනයට පත් කිරීමේ වගකීම ඔබ විසින් බාර ගන්නවද කියන කාරණය අපි අහනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙයි අපිව බලාගනියි එහිදී හරි යයි කියන කාරණය ආණ්ඩුව විසින් කොතෙක් කතා කරත් ඒ ණය සහන ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ වෙනවිට කරල නැති බව තමයි ඒ අදාල නිලධාරීන් අපි හමුවේ ප්‍රකාශයට පත් කරන්නේ.

ඒ වගේම ඊයේ දිනයේ බලශක්තිය ඇමතිවරයාගේ පම්පෝරි ඇමතිවරයාගේ බලශක්ති අර්බුදය පිළිබඳව විවාදයේ දී එතුමා මහා හාස්‍යයට රටේ ජනතාවගේ මිල වැඩිකිරීම පිළිබඳව කතා කළා දැන් කාංචන විජේසේකර ඇමතිවරයා හිතනවා ඇති මේ රටේ ජනතාව භුක්ති විඳින්නේ විදුලිය පමණයි කියලා තුන්වේල කන්න අමාරුවෙන් ජීවත් වෙන පුරවැසියා විදුලියට පමණක් නෙමෙයි මුදල් ගෙවන්නේ විදුලි වැඩි වීම හරහා ඔවුන්ගේ ආර්ථිකයට මහා බලපෑමක් සිද්ධ වෙන බව හිතන්නට ඔහුට අවස්ථාවක් වෙන්නේ නැහැ මොකද ඇමැතිවරු හැටියට ඔවුන් විදුලි බිල ගෙවලා නැති නිසා .අපි දන්නවා අද රටේ ජනතාවගේ ඒකාකාරී වියදම ඔවුන්ගේ ආදායමට සාපේක්ෂව බැලුවොත් වියදම් වැඩි වෙලා ආදායම් වැඩි වෙලා නැහැ රාජ්‍ය සේවකයාගේ කම්කරුවාගේ පඩි වැඩි වුණේ නැහැ දෛනික සේවකයාගේ රැකියා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා එසේ තිබියදී ආණ්ඩුව විසින් දෛනිකව විදුලි බිල ජල බිල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යන කොට ඒවාට තමන්ට තියෙන සොච්චං ආදායම තමයි වියදම් කරන්නේ එය වියදම් කිරීමට බැරිකම නිසා තමයි ජනතාව කියන්නේ විදුලි බිල වැඩියි අපට ගෙවන්න බෑ කියල හැබැයි ඇමති කියනවා රුපියල් 300කින් වැඩිවීම පොඩි ගානක් කියලා ඔව් කාංචන විජේසේකර ඒක පොඩි ගානක් වෙන්න පුළුවන් හැබැයි ඇමතිවරයා මේක තේරුම් ගන්න මේ රටේ පුරවැසියෝ තුන් වේලක් කන්න ඕනේ ඒ සියලු දේ වෙනුවෙන් වියදම් කරන්නේ ඔවුන්ගේ ආදායම වැඩි වෙලා නෙමෙයි ආදායමට යම් මුදලක් එකතු කරේ නෑ සහනයක් දුන්නේ නෑ එහෙම නොදී කාංචන විජේසේකර ඇමතිවරයා පුරසාරම් දෙඩීම සඳහා කටයුතු කරනවා පාර්ලිමේන්තුවේ. ඇත්තටම මේ ඇමතිවරයා දැන් ඉල්ලා අස්වෙන්න. දැන් තියෙන්නේ QR සංකේතය බෙදලා පෙට්රල් භූමිතෙල් ඩීසල් සීමා කරපු වැඩපිළිවෙළක් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දෙන්නෙ නෑ ආණ්ඩුව කාංචන විජේසේකර ඇමතිවරයාත් තීන්දු කරගත්තා ප්‍රමාණයට දෙන්නෙ උදාහරණයක් ගත්තොත් බයිසිකලයකට සතියකට දෙන්නේ ප්‍රට්‍රල් ලීටර් 4යි එය. කාර් එකට ලීටර් 20යි දෙන්නේ. ඒ ආකාරයට වාහන වලට සීමා කරල සතියකට දෙන ලීටර් 4 ඇමතිවරයා⁣ට සතියකට දෙන්න බැරිනම් ඇමති ඔය පුටුවේ ඉන්න ඕනද ,නැවත දැන් පෝලිම හැදිලා QR එක තියාගෙන දහස් ගණනින් පෝලිම් නිර්මාණය වෙලා හැබැයි කාංචන විජේසේකර ගෙ කයිවාරු අඩුවෙලා නැහැ. එතුමා වැඩේ හරියට කරා හොඳට කරා කියලා කයිවාරු ගහනවා ඒ නිසා මම කියනවා QR සංකේතයට ඉදිරියෙන් QRW කියල දැම්මා නම් හරි දැන් හැදිලා තියෙන්නේ RW පෝලිම කියලා හැදෙයි දැන් හැදිලා තියෙන්නේ ආර් ඩබ්ලිව් පෝලිම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පෝලිම දැන් තියෙනවා. සතියකට අවශ්‍ය ලීටර් 4 දෙන්න බැරි බලශක්ති ඇමතිවරයා මොන කයිවාරුවද පාර්ලිමේන්තුවේ ගහන්නේ එතුමා කියනවා ඕන කෙනෙක් ඇවිත් අරගෙන කරන්න එයා එයාගේ බැරි කම තේරුම් අරගෙන එයාට මේක කරන්න බැහැ කියලා තේරුම් අරගෙන දැන් කියනවා කවුරු හරි අරන් කරන්න කියලා ඒ නිසා ඇමතිවරයා ඇත්තටම ඉල්ලා අස්වෙන්න ඕන අසමත් අදක්ෂ ඇමතිවරයෙක්ගේ ක්‍රියා කලාප හරහා රටේ ජනතාව නැවත වතාවක් පෝලිම් යුගය ට යවලා දැවැන්ත අර්බුදයක නිර්මාණය වෙලා තියෙනවා ඒ අර්බුදය හරහා විශාල වශයෙන් රටේ ආර්ථික අර්බුද දිනෙන් දින ගොඩනැගිල්ල තියනවා ඒවට සාධාරණ විසදුම් දෙනවා කියන කාරණය පැත්තක තියලා පහුගිය දේශපාලන වශයෙන් විනාශ වෙච්ච දේශපාලන පක්ෂය තමන්ගේ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල සෑදීම සඳහා උත්සාහයක යෙදෙන බව පේනවා එම නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමත් වෙලා තියෙන්නේ වැටිච්ච දියාරු වෙච්ච සමාජයෙන් රටෙන් එලවලා දාපු ඒ පක්ෂයේ වැඩපිළිවෙළ නැවත රටේ නිර්මාණය කිරීම සදහා අවශ්‍ය දේශපාලන කළමනාකරණය කිරීම සදහා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමත් කියන කාරණය මෙහිදී මතක් කරනවා මොකද දැන් නාමල් රාජපක්ෂලා නැවත පොදුජන පෙරමුණේ දේශපාලන වැඩපිළිවෙළක් හදා තිබෙනවා දැන් හිටපු ජනාධිපතිතුමා ගෙන්වා දේශපාලන ආරක්ෂාව නිර්මාණය වෙනවා ඒවා සිදු වුණේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා

මේ වන විට ආයතන ප්‍රතිව්‍යුගත කරනවා කියලා ඒවා සින්නක්කරය විකුණා දැමීමට උත්සාහ කරනවා ඒ සඳහා නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයා ශ්‍රී ලංකා ගුවන් සේවය විකුණා දැමීමේ මූලික පිඹුරුපත් සැකසීම සඳහා කටයුතු කරනවා ඇත්තටම එය ලාභ ලබපු තැනක තිබුණා එදා එමිරේට්ස් ආයතනය හරහා ලාභ ලැබූ ඒවා නැවත පවරා ගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එසේ පවරා ගන්න කොට නිමල් සිරිපාල සිල්වා මහත්තයා ඒකේ හිටියා එහෙනම් එය ලාභ ලබන ආයතනයක් පාඩු ලැබීමේ වගකීම බාරගන්න ඕන කවුද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයාත් එයාලා ලාභ ලබපු එකක් අරගෙන පාඩු ලබන තැනකට පත් කරලා වංචා කරලා හොරා කාලා කොමිස් ගහලා දැන් මේ රටේ පුරවැසියාට අයිති දේ සින්නක්කර විකුණා දැමීමට යනවා නම් එය ණය වෙනුවට හිලව් කරන්න එය විකුණා දැමිමෙන් ලැබෙන ආදායම රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා මුදල් යොදවන්න බැහැ ඒ සියල්ලම කරන්න වෙන්නේ ණය වෙනුවෙන් හිලව් කිරීමක් එහෙමනම් මේකට රටේ ජනතාව පෙළගැසෙන්න ඕන එම නිසා පාඩු දීමේ වගකීම සහ හේතු වෙච්ච කොමිස් ගහපු උදවියට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරනවද කියලා අපි ජනාධිපතිවරයා ගෙන් අහනවා රටේ ජනතාවගේ වත්කම ඈත් කරන්න යන තක්කඩි හොරාකාපු දේශපාලන නඩය ගෙන් අපි අහනව ඔබ මේකට වගකිව යුතුයි ඒ සඳහා වන්දි ගෙවන්න සූදානම් වෙලා ඉන්නවද කියලා කාරණය ප්‍රකාශ කර යුතුයි .මෙහි කොටස් අලෙවි කරන්නයි හදන්නේ අපි දන්නවා බටහිර ජැටිය 52% ක් අයිතිය තියෙන්නේ අදානි සමාගම කොටස් අයිතිය ගියාම පූර්ණ අයිතිය වගකීම තීන්දු තීරණ ගැනීම සියල්ල යන්නේ ඒ ආයතනයට දැන් එය එයාලංකා එකටත් කරන්න හදන්නෙ මේක ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ විකිණීම් ටික කරලා සින්නක්කර රටේ තියෙන මරමස්ථාන විකුණලා අවසානයේ රාජපක්ෂවරුන් කරපු ඒ හොරකම් වලට අත් උදව් දීම කියන කාරණය අපි පැහැදිලිව කියනවා මේවා කරන්න ජනාධිපති වරයෙක් ඕන ද රටට. රටේ තියෙන වටිනා මරමස්ථාන අන්සතු කරලා ඒ තුළින් වංචනිකයන්ගේ වංචනික කටයුතු වලට සහයෝගය දෙන්න ජනාධිපතිවරයෙක් රටේ නිර්මාණය වීම පිළිබඳව කණගාටු වෙනවා.

ජනාධිපතිවරයා ගේන මෙම අයවැයේදී සිදුවෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිබෙන යෝජනා වලට අනුකූලව මූලික කටයුතු සිදු කරන්න .එහෙනම් බදු වැඩිවීම සහ වියදම් කප්පාදු කිරීම කියන කාරණය තමයි සිදු වෙන්නේ. වියදම් කප්පාදු කිරීම අපට ගැටළුවක් නැහැ නමුත් බදු වැඩි වෙන්නේ කොතැනද අපි අහන්නේ වැඩි වෙනවා ද වක්‍ර බදු වැඩි වෙනවා ද එහිදී වක්‍ර බදු වැඩි ප්‍රමාණයෙන් වැඩි වෙනවා ඒ කියන්නේ පුංචි මිනිහගෙන් බදු ගන්නේ මේ දුක් විඳින එදා වේල හොයාගන්න බැරි අසරණ මිනිහගෙන් බදු ගහලා ඒ බදු ටික එකතු කරලා නැවත වතාවක් රටේ සංවර්ධනයට යොදවනවා කියන කාරණය කියන්න පුළුවන් බොරුව තමයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුව ඇතුලට ගේන්නේ පහුගිය අගමැති වවුණ ගමන් ඔහු කිව්වා කොළඹ ප්‍රදේශය හැමෝටම තට්ටු නිවාස දෙනවා දැන් තට්ටු නිවාස ද හැමෝටම ඕන වෙලා තියෙන්නේ භූමිතෙල් ටිකක් ඕන වෙලා තියෙනවා කෑමට එක උයාගෙන කන්න ප්‍රට්‍රල් ඩීසල් ටිකක් ඕන වෙලා තියෙනවා අත්‍යවශ්‍ය සේවාවට වලට යන්න හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා කාර් බස්ලට් දුන්න වගේ මේ අයවැය ලේඛන වලට පොරොන්දු බලාපොරොත්තු ගොන්නක් නිර්මාණය කරල දාලා තියෙනවා ඒකෙන් රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසදේවිද කියන කාරණය අපිට අහන්න තියෙනවා හැමදාම බොරුව මුසාව රැවටීම මේ අයවැය ලේඛනය තුලත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරන බව තමයි අපිට ආරංචි ඒ බොරු සියල්ල අපි හෙළි කරනවා.

මේ ජනාධිපතිවරයා පත්වෙච්ච මුල් කාලයේ අපි ඉල්ලුවේ කොන්දේසි විරහිතව තනතුරු තාන්න මාන්න නැතුව අපට දෙන්න පුළුවන් අවංක සහයෝගය දෙන්න පුළුවන් අපේ දායකත්වයට අවශ්‍ය තැන අපිට හදලා දෙන්න කියලා ඒ අනුව කමිටු කීපයක සභාපති ධුර ඉල්ලුවා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා එහි අවසානයේ දී පෙනී යනවා එම කාරක සභාවල අවශ්‍ය තනතුරුවල නියෝජනයක් පොදුජන පෙරමුණ අවශ්‍යතාවය මත නිර්මාණය කරා ඒ නිසා ස්වර්ණ පාක්ෂික ආණ්ඩුව කෙසේ වෙතත් අපි සර්වපාක්ෂික වැඩපිළිවෙළේ දායකත්වයට ලබා දෙන්නා වූ යෝජනා ක්‍රියාත්මක කරන්න බැරි මේ ආණ්ඩුව රටේ අනාගතය ගොඩනගන්න එකතු වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්වුණේ මහජන ඡන්දයකින් නෙමෙයි මන්ත්‍රීවරුන්ගේ හර වරමකින් ඒ කදවුර විසින් සිද්ධ කරපු බොහෝ දේවල් වර්තමානයේ ජනාධිපතිවරයා මේ රටේ ජනතාව වෙනුවෙන් නීතිය ඉදිරියට ගෙනත් ජනසතු කරාවි කියන බලාපොරොත්තු තියාගන්න බැහැ මොකද ඔහුගේ බලය රඳා පැවතුනේ හොර කඳවුරේ කණ්ඩායමත් එක්ක එම නිසා බලය වෙනස් වෙන්න ඕනේ සඳහා වූ මැතිවරණයක් ඕන ඉන්පසු අපි විශ්වාසයෙන් කියනවා සමගි ජන බලවේගය තුළ හොරකමට විරුද්ධ වෙන හොරකමට දඬුවම් දෙන්න පුළුවන් සත්‍ය වශයෙන්ම රට බේරගත්ත ආදරය කරන හොඳ දේශපාලන ලක්වෙනවා ඒ කඳවුරේ කවුරුන් හෝ වැරදි කරපු අය ඉන්නවනම් දඬුවම් දෙමින් ආදර්ශමත් මේ රටේ සෑම හොරෙක්ට දඬුවම් දීමේ අවශ්‍ය නීති පද්ධතිය ක්‍රියාත්මක කරනවා ඒ සඳහා නායකතුමා දිවුරා තියෙනවා අපිත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.