මේවන විට මිහින්තලේ කේන්ද්‍ර කරගත් පොසොන් උත්සවය සහ පොසොන් කලාපය පැවැත්වීමට බරපතළ මූල්‍ය අර්බුදයක් උද්ගතව ඇති බවත් වහාම මීට මැදිහත් වී පොසොන් උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

ඒ සඳහා මුදල් බුද්ධ ශාසන අරමුදල සහ ජනාධිපති අරමුදල ඕනෑ තරම් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අපේ රට විශාල පරිවර්තනයකට ලක් කළ මහින්දාගමනය සැමරීම උදෙසා අවශ්‍ය කරන පහසුකම් සැපයීම රජයේ වගකීමක් බවද පැවසීය.