ජාතික සම්පත් ආරක්ෂා කරනවායි කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව වර්තමානය වනවිට රටේ සම්පත් ගජමිතුරන්ට විකුණමින් සිටින බව සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් ආණ්ඩුවට චෝදනා කර සිටියේ ය.

ඔහු කියා සිටියේ “ආණ්ඩුවේ අප්පුහාමිලා රටම විකුණනවා” බවයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ බටහිර ජැටිය ඉන්දියාවටත් සෙලෙන්දිවා සමාගම නමින් සමාගමක් කොළඹ පිහිටුවා රටේ වටිනා ඉඩම් විකුණමින් සිටින බවත් තවද ෂැන්ගීලා හෝටල් අසල අක්කර තුනක් සිංගප්පූරුවට විකුණා ඇති බවද කියා සිටියේය .

මේ බව කියා සිටියේ පසුගියදා දෙවිනුවර ආසනයේ සමගි තරුණ බලවේගයේ බලමණ්ඩලය අමතමින්ය.