ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික සභාවත් පත් කළාත් ඉන්ධන ,ගෑස් පෝලිම් අඩු වී නැති බවත් ලංකාව මේ වනවිට ණය ගෙවා ගන්න නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“පසුගිය සතියේ ජනාධිපතිතුමා විසින් ජාතික ආර්ථික සභාවක් පත් කර ගත්තා. එම සභාවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා, රෝහිත අබේගුණවර්ධන ඇමති තුමා වැනි හොඳ මොල ටිකක් ඉන්නවා කිව්වා. එහෙම ජාතික ආර්ථික සභාවක් පත් කරලා ඊට පස්සේ තවත් පත් කරනවා ඒ ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවක් ඒ අයට උපදෙස් දෙන්න එම කමිටුවේ ඉන්නවා 15 දෙනෙක් එම කමිටුව පත් කරලා ඒ කමිටුව විසින් මේ වෙනකොට යෝජනා පහක් ඉදිරිපත් කර තිබෙනවා ඉන් එක් යෝජනාවක් තමයි තවත් නීති උපදේශන කමිටුවක් පත් කරන්න මූල්‍ය උපදේශන කමිටුවක් පත් කරන්න ආදී වශයෙන් කියලා තියෙනවා හැබැයි දැන් මේ ජාතික ආර්ථික සභාව පත් කරත් උපදේශක කමිටුවක් පත් කරත් එම කමිටුව තවත් උපදේශන කමිටුවක් පත් කරත් හැබැයි රටේ පෝලිම් අඩුවෙලා නැහැ බඩු මිල අඩු වෙලා නැහැ මිනිස්සුන්ගේ පීඩනය වෙනස් වෙලා නැහැ එම නිසා ප්‍රශ්නය ආණ්ඩුව තුළ කියන එක ඉතාම පැහැදිලිය.

දැන් වෙනකොට ලෝකයේ ශ්‍රී ලංකාව පිළිබඳව තියෙන මතය ඉතාමත් දරුණුයි අල්ජසීරා ජාත්‍යන්තර ප්‍රවෘත්ති වල කියනවා ශ්‍රී ලංකාව දැනට ඊයෙ පළ කරපු ප්‍රවෘත්තියක තියෙනවා අපි වස්තු භංගත්වයට ඇතුළත් වන රටක් බවට පත්වෙලා කියලා ශ්‍රී ලංකාව දැන් වෙනකොට තමන්ගේ ණය ගෙවා ගන්න බැරිව හිර වෙලා තියෙන බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති වල යනවා. දින කිහිපයකට කලින් බ්ලූම්බර්ග් කියන ප්‍රධාන වෙබ් අඩවියක් ඉතාමත් ඉහළ ප්‍රමිතියක් තියෙන වෙබ් අඩවිය වාර්තා කරනවා ශ්‍රී ලංකාව කියන පුංචි දිවයින මේ පවතින රජයෙන් රාජපක්ෂ පාලනය තුල රට විනාශ කරල තියෙනවා කියලා ඒ පණිවිඩය රටට හොඳ නැහැ.

ඊයේ ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයක් කර තියෙනවා මූල්‍ය ප්‍රතිව්යුහගත කිරීමක් හෝ ණය ප්‍රතිව්යුහගත කිරීමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිල වශයෙන් සාකච්ඡා කරන්න පටන් ගත් බවත් එයට දැන් වෙනකොට විවිධ උපදෙස් ගන්නටත් කණ්ඩායම් පත් කරනවා කියලා තිබෙනවා. මේ ක්‍රියාදාමයට යන්න තිබුණේ මීට කලින් ඇත්තටම අවුරුද්දකටත් එහා මේ ගැන විපක්ෂය දිගටම ආණ්ඩුවට උපදෙස් දුන්නා අදහස් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ කිව්වා වෙලාවට මේ ටික කරන්න කියලා හැබැයි නිසි වෙලාවට ඒ පියවර ගන්නේ නැතුව ප්‍රමාදවෙලා දැන් එතැනට යනවා ප්‍රමාද වෙලා හරි ඔය වැඩේ කරනවා නම් ඒක හොඳයි හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අපි දැන් යන්නේ හතර ගාතයෙන් දන ගහගෙන ඒ නිසා අපි එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කරගෙන ණය කරුවන් එක්ක කරන සාකච්ඡාවක් අපි ශක්තිමත් විය යුතුයි ඒක ඉතාම වැදගත් එම නිසා මේ වෙනකොට ඊයේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරපු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයට දැන් වෙනකොට ජාත්‍යන්තර මට්ටමෙන් මූල්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට සහ නීති උපදෙස් ලබා ගන්නා ආයතනයක් තෝරා ගැනීමට එතුමා නිර්දේශ කරල තියනවා. මේ මූල්‍ය උපදෙස් සමාගමක් සහ නීති උපදෙස් සමාගමක් තෝරා ගැනීම සඳහා මේ ක්‍රමවේදය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේකෙ විනිවිදභාවයකින් කරනවද කියන එක අපිට දැනගන්න අවශ්‍යයි මොකද 2014 මේ වගේම දෙයක් සිදු වුණා එහිදී යම් උපදෙස් ගන්න කණ්ඩායමක් තෝරා ගන්නට එහි වගකීම නිවාඩ් කබ්රාල් මහතාට භාර දීලා එතුමා මොකක්ද කරේ ඇමෙරිකාවෙ ඉන්න සුබේරි කියන පුද්ගලයෙක්ට ඒ වගකීම දීලා සල්ලි වලින් ඩොලර් මිලියන හයයි ගානක් එම සුබේරි ට ගෙවලා ඒ මුදල් ටික ඒ මනුස්සයා වංචා කළා සුපිරි වංචාකාරයෙක් එතකොට ඒ වගේ කිසිම විනිවිද භාවයකින් තොර මේ මූල්‍ය උපදේශන සංගමයක් හෝ සමාගමක් හෝ නීති දේශන සමාගමක් පත් කරනවා නම් ඒක භයානකයි. ඒ නිසා මේක රටට හරියට ක්‍රමවේදය මොකක්ද ඒ අය තෝරන්නේ කොහොමද කියන එක දැනුවත් කරන එක ඉතාම වැදගත් ඒ නිසා අපි විශ්වාස කරනවා මේක පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ඉතාම වැදගත් මොකද මේක රටටත් ඉතා වැදගත් මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාවිච්චි කරමින් අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයට යනවනම් අපි හතරගාතෙන් වැටිලා දන ගහගෙන ගිහින් ඕවා සාකච්ඡා කරනවට වඩා අපි හරියට සැලසුම් සහගතව ශක්තිමත්ව අපි කතා කරන එක වැදගත්”

යනුවෙන් මන්ත්‍රීවරයා අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .