ආදායම් ගැන සද්දයක් තිබුණේ නැහැ නමුත් VAT එක 12%සිට 15% දක්වා වැඩි කිරීමට කටයුතු සලස්වා තිබෙන බව ඊයේ (30) සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවට සහබාගී වෙමින් පා.ම. ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම. ඉරාන් වික්‍රමරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් ඇමතිවරයා විදියට 2022 වර්ෂයට අතුරු අයවැයක් ඉදිරිපත් කළා.එය මුලින් ඉදිරිපත් කළේ බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා විසින් ඇත්තටම එම අයවැය කතා කරලා වැඩක් තියෙනවාද කියන්න දන්නේ නැහැ මොකද ආදායම් වියදම් වෙන් කළා නමුත් වෙච්ච දෙයක් නැහැ. අද මේ අයවැය ලස්සන හොඳ කතාවක් එහි ප්‍රතිසංස්කරණ වචන තිබුණා වෙනස් කරන්න යන ඒව ගැන කතා කළා ඒ වගේම හුඟක් කමිටු පත් කළා ඉන්පසු ඒ කමිටුව ක්‍රියාත්මක කරන්න පොඩි මුදලක් වෙන් කළා එහි එක දෙයක් තියෙනවා මේ අයවැයේ ආදායම ගැන සද්දයක් තිබුණේ නැහැ. එකක් තිබුණා VAT එක වැඩි කකිරිම ගැන එය 12%සිට 15% දක්වා. අපි දිගින් දිගටම පසුගිය කාලයේ දී කිව්වේ රජයට වැරදුනේ බදු කපා හැරීම නිසා කියලා. අපිට මතකයි 2018 ඉදන් 2019ට අලුත් ආදායම් බදු පනත ගෙනල්ලා රටේ ආදායම එක අවුරුද්දකින් 44% කින් වැඩි කර ගත්තා මම දකින්නේ මෙම අයවැය මුදල් අතින් හිස් අයවැයක් , අදහස් වලින් බැලුවොත් හිස් අයවැයක් නෙමෙයි.

පසුගිය රජය කාලයේ දී අපි යෝජනා කරපු හුඟක් දේවල් නැවත අවුරුදු තුනකට පස්සේ සඳහන් මේ අයවැය තුළ තිබෙනවා උදාහරණයක් විදියට රාජ්‍ය ව්‍යසායකත්වය ප්‍රතිසංස්කරණය එය ඉටු විය යුතුමයි මොකද ඒවා විශාල ලෙස පාඩු ලබන විට ඒවා ගෙවන්න වෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවට. පසුගිය කාලේ එවැනි ඒකකයක් තිබුණා එය නැවත පිහිටුවා තිබෙනවා මේක රාජපක්ෂලා කරපු වැරදි දේවල් ඔක්කොම මෙතුමාට හරවන්න සිදුවීමක ලෙස දකිනවා . වැරදුණා කියන්නේ ණය අරගෙන උදාහරණයක් ලෙස ව්‍යාපාරයක් කරන්න වුණත් අපි ණය ගන්නවා රටකත් එහෙමයි ණය ගන්නවා මෙතන වැරදුනේ කොතනද පසුගිය කාලයේදී ණය අරගෙන ඒවා දැම්මේ ප්‍රතිලාභයක් නොලැබෙන දේවල් වලට එමනිසා ජාතික ණය කළමනාකරණ කාර්යාලයක් තිබිය යුතුයි තීන්දු තීරණ ගන්න විට විද්‍යාත්මක පදනමෙන් ගත යුතුයි අයවැයේ හුගක් හොද අදහස් තිබුණා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් සේවාව, වැනි අලාභ ලබන ඒවා නම් කරා ඒවා යම් කිසි වෙනසක් කළ යුතුමයි කියලා සඳහන් කළා අපි බලාගෙන ඉන්නේ අදහස ක්‍රියාත්මක වෙනකොට කොහොමද වෙන්න යන්නේ කියලා එතන ගැටලුව තියෙන්නේ අදහස ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක තමයි තියෙන ප්‍රශ්නය.

අද රටේ ආහාර උද්ධමනය ගත්තොත් 80% කට වැඩියි ලෝකෙ උද්ධමනය තිබෙන රටවල් පළවෙනි පහෙන් එකක් ලංකාව මිනිස්සුන්ට හොඳටම වැදිලා තියෙන්නේ අහන්නත් හිතන්නේ නැහැ බත් පිඟාන බැලුවොත් මස් කෑල්ලක් මාළු කෑල්ලක් බිත්තරයක් වත් තිබුනද කියලා එච්චරට අමාරුයි මේ කාලය උද්ධමනය ඉහලින්ම තියෙන වෙලාවක තමයි මෙම අතුරු අයවැය ඉදිරිපත් කළේ එහිදී කිව්වා අඩු අදායම්ලාභීන් අරක්ෂා කරන්න ඕනේ කියලා ආරක්ෂා කරන්නේ සමෘද්ධිය හරහා බවත් ප්‍රකාශ කලා ඒකෙ ගැන කවුරුත් දන්නවා සමෘද්ධිය ලැබිය යුතු අය ඉන්නවා නොලැබිය යුතුය ගොඩක් අය ඉන්නවා නමුත් ඒ අයව දැන් තියෙන සමුර්ධි වැඩපිළිවෙළ තුළ නැහැ ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ ඒ නිසා ඔය තියෙන සමෘද්ධි ලයිස්තුවට දීලා හරියන්නේ නැහැ අපි කියන්නේ අඩු ආදායම්ලාභී අයට දෙන්න ඕන නමුත් ඉන්න අයව අමතක කරන්න බැහැ මොකද දේශපාලනීකරණය වෙලා තියෙන්නේ ඒ ගැන අතුරු අයවැය කතාවේ මොකුත් තිබුණේ නැහැ එම නිසා ඒ ගැන බලන්න ඕන කොහොමද ඇතුළු කරන්නේ කියලා.

අපේ රටේ ලොකු අරගලයක් තිබුණා ඒ වෙලාවේ මිනිස්සු කිව්වේ මේ රට ප්‍රපාතයකට වැටිල තියෙන්නේ නායකයෝ නිසා සහ ඔවුන් හොරකම් කරපු නිසා කියලා අල්ලස දූෂණය ගැන කතා කළා මේ අයවැය හි තිබුනේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කරන තවත් පනතක් ගේනවා කියලා එම පනත අපි හැදුවේ 2019දී ඒ නීතිය ගේන්න ඕන නමුත් ඒක විතරක් ගෙනල්ලා කාටවත් බේරෙන්න බැහැ මොකද හොරකම් කරලා තියෙනවා එම වත්කම් තියෙන්නේ පිටරටවල් වල ලංකාවෙ විතරක් නෙමෙයි ලෝක බැංකුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔක්කොම එකතුවෙලා හොරකම් කරපු වත්කම් ලබාගන්න වැඩපිළිවෙළක් තියෙනවා ඒවා හුඟක් රටවල් වල ක්‍රියාත්මක වෙනවා හැබැයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ මම අහන්න කැමතියි මේ ගැන ජනාධිපතිතුමාට අමතක උනාද කියලා ඇයි ඒ අය වැය කතාව තුළට දැම්මේ නැත්තේ ජාත්‍යන්තර වැඩපිළිවෙළ ලංකාවෙත් ක්‍රියාත්මක කරනවා කියන්න අමතක වෙලා ඒ වගේම අපි දන්නවා නීති විශාල ප්‍රමාණයක් හැදුවා නමුත් හොරු අල්ලන්න නීතියක් හැදුවේ නැහැ ඒක කෙටුම්පත් දාන්න ඕන ඒක විතරක් නෙමෙයි එය ක්‍රියාවට යොදවන්න ඕන එයට ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් තිබිය යුතුයි ඒ ගැනත් සද්දයක් නැහැ අවම වශයෙන් ස්වාධීන අල්ලස් දුන්න අය අල්ලගන්නවත් කාර්යාලයක් තියෙන්න ඕන ඒ ගැන නිහඬයි ඒවා ගේන්නේ නැත්තෙ කවුරුවත් ආරක්ෂා කරන්නද අපි දන්නවා පාර්ලිමේන්තුවේ සංයුතිය රටේ තියෙන මතයයි වෙනසක් තියෙනවා නමුත් පාර්ලිමේන්තුවේ සංයුත්තයේ දිහා විතරක් බලලා අයවැය ඉදිරිපත් කරන්න බැහැ අපේ මතයක් තියෙනවා අල්ලස් දූෂණ පිළිබඳව නීති රාමුවක් ශක්තිමත් කරන්න ඕන.