සමගි විහිදුම් බළගණය විසින් සංවිධානය කරන මාතර දිස්ත්‍රික් තරුණ ජන රැළිය එළඹෙන 30 වන දින (අනිද්දා) 1.30ට මාතර කොටුව විජේසේකර පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වෙන මෙම ජන රැලියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් රැසක් සහබාගී වීමට නියමිතව තිබේ.