නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා, ප්‍රාදේශීය සභා ජන්ද විමසීම ප්‍රමාද කිරීම ඒකාධිපති ක්‍රමයට අත වැනීමක් යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය නිවෙස ඉදිරිපිට දැන්වීම් පළ කරමින් සිය විරෝධය එල්ල කර තිබෙනවා.

balavegaya Untitled 1 20

මහජන ඡන්දයෙන් තේරි පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි එම දැන්වීම්වලින් ප්‍රදර්නශනය කර තිබුණා.

අම්බලන්ගොඩ- බටපොළ මාර්ගයේ යන එන අය බල බලා යනු දක්නට ලැබූ අතර ඒ අතරින් බොහෝදෙනා මහින්ද දේශප්‍රිය කළ මේ කියාවට ස්තූති කර ඇති බවයි සඳහන් වන්නේ.