ශ‍්‍රී ලංකා මහ බැංකුව පිහිටුවා ගතවූ වසර හැත්තෑවක කාලය පුරා මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය මෙන් විසි ගුණයක මුදල් ප්‍රමාණයක් පසුගිය මාස විස්ස පුරා මුද්‍රණය කර ඇතැයි මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනාවරණය කරයි.

මහ බැංකුව ආරම්භ කළ දිනයේ සිට පසුගිය වසරේ ජනවාරි මාසය දක්වා මුද්‍රණය කර තිබුණේ රුපියල් බිලියන 74.74 ක මුදලකි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ මේ වසරේ ඔක්තෝබර් 15 වැනිදා වන විට රුපියල් බිලියන 1387.68 ක මුදලක් මුද්‍රණය කර තිබේ. මෙය ඉතිහාසයේ සිදුවූ මුදල් මුද්‍රණය මෙන් විසි ගුණයකි.

ඔක්තෝබර් 15 වැනිදා පමණක් රුපියල් බිලියන 19.63ක් හෙවත් රුපියල් බිලියන 20ක මුදලක් අච්චු ගසා තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා බවට පත්වීමෙන් පසුව පමණක් රුපියල් බිලියන 178.04ක මුදලක් මුද්‍රණය කර ඇත.

(2)  ඊ.පී.එෆ් – ඊ.ටී.එෆ්. මුදල් මකර කටට – කෝටි ගණනක පාඩුවක්

සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර මුදලේ අරමුදල් පුද්ගලික සමාගම්වල ආයෝජනය කිරීම නිසා රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය වේ.

ලාෆ් ගෑස් සමාගමේ කොටස්වල මෙසේ මුදල් ආයෝජනය කර ඇති අතර එම කොටස්වල මිල ගණන් අති විශාල ප්‍රමාණයකින් පහළ වැටී ඇති නිසා මේ ආකාරයට කෝටි ගණනක පාඩුවක් සිදුව ඇත. මේ වන විට එම කොටස්වල වටිනාකම හදුනාගැනීමට පවා නොහැකි තතත්වයකට පත්ව ඇතැයිද වාර්තා වේ.

රුපියල් මිලියන 459ක් වියදම් කරමින් මිලදී ගත් ඇතැම් කොටස්වල මේ වන විට වටිනාකම රුපියල් මිිලියන 254 දක්වා පහළ වැටී ඇත.

මේ ආකාරයට ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන්ද ගැටලු ඇතිවී තිබෙන අතර මේ නිසා කෝටි ගණනක පාඩුවක් සිදුව තිබේ.


(4) තෙල් අර්බුදයක් අත ළග – සැපයුම ඇත්තේ ජනවාරි දක්වා පමණයි

ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බව අනාවරණය වේ.

ඉන්ධන මිල වැඩිවීමක් ගැනද ආණ්ඩුව තුළින් විවිධ අදහස් මතුවී තිබෙන අතර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් විසදුමක් ලබාදෙන ලෙසද ඛනිජ තෙල් ඇමැතිවරයා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව අඛණ්ඩව ඉන්ධන සැපයිය හැක්කේ ලබන ජනවාරි මාසය දක්වා පමණක් බවද මුදල් ඇමැතිවරයා වෙත දන්වා ඇත.  ඛනිජ තෙල් ගෙන්වීමේදී අය කරනු ලබන බදු මුදල සංශෝධනය කිරීමට හෝ ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කරන ලෙසද මුදල් ඇමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.