ශ්‍රී ලංකාවේ සුපුරුදු දේශපාලනය වන ආගමික ගැටුම් නිර්මාණය කොට යළිත් බලය දිනාගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව සිරිල් ගාමිණී පියතුමා සදහන් කළේය.

උන්වහන්සේ කියා සිටියේ ඉතිහාසයේද සිදු කළ මෙවැනි නිර්මාණවලින් ආර්ථිකය සහ රටත් විනාශ වී තිබෙන අතර එම ගැටුම් නිර්මාණය කරන ඉහල දේශපාලන දාරාවේ සිටින පුද්ගලයින් සියලු සැප සම්පත් විදින අතර ආගම්වාදී ජාතිවාදී ගැටුම් වලට හසුවන සාමාන්‍ය ජනයා මේවා නිසා ජිවිත පවා අහිමිකරහනිමින් සිටින බවයි.