එළබෙන පෙබරවාරි 09 පසුව පලාත් පාලන ආයතන වලත් කාලය අවසන් වෙන බව කියා සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පුලුවන්නම් ඡන්දයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කර සිටියේ ය.

මරික්කාර් මහතා කියා සිටියේ නියත වශයෙන්ම ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන බවයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ 2010 – 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල අනවශ්‍ය ව්‍යපෘති සදහා ලබා ගත් ණය නිසා මේ වන විට එම ණය ගෙවිමට එම ව්‍යපෘතියක් මගින් ආදයමක් නොලැබෙන බවයි.

තව දුරටත් කියා සිටියේ සහල් ආනයනය කරන්නේ කාබනික පොහොර යොදා වග කළ සහල් ද ? යන්න ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටි අතර එම සහල් කිලෝවක් සදහා නැව් හා බදු ගාස්තු නොමැතිව රුපියල් 96ක මුදලක් යන බවත් සහල් ආනයනයට ඩොලර් මිලියන 300ක මුදලක් අවශ්‍ය බවත් එ සදහා මුදල් සොයා ගන්නේ කෙසේද ? යන්න ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය .

මේ අදහස් දැක්වූයේ මරික්කාර් මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ දීය .