වර්තමානයේ මහජනයාට හොර රහසේම ගෙන ඒමට උත්සාහ දරන විකාශන අධිකාරී පනත ගෙන එන්නෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩකට බව අද(31) විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහගේ වත්මන් ආණ්ඩුව තුලින් ගෙන එන්නට හැදු නව ත්‍රස්ත පනත පිලිබදව පසුගිය වකවානුවේ වැඩි කතාබහට ලක් වූ බවත් එම පනත තුලින් ත්‍රස්තවාදය අර්ථදැක්වීම තුලම ගැටලුකාරී කරුණු තිබූ බවත් ආණ්ඩුව හැර අනෙකුත් සියලු පාර්ශවයන් මෙම පනත ගෙන ඒමට විරුද්ධ වී බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

වත්මන් දේශපාලන ආරංචි අනුව නව විකාශන අධිකාරී පනත ගෙන ඒමට ආණ්ඩුව දැන් කර අදිමින් සිටින බව හර්ෂ ද සිල්වා පැවසිය,

වැඩිදුරටත් ඒ පිලිබදව අදහස් දැක වූ ඒ මහතා කියාසිටියේ,

දැන් අපිට ආරංචි වෙනවා කැබිනට් එකෙන් නිකුත් වෙලා තියෙනවා විකාශන අධිකාරී පනත කියලා එකක් මේ විකාශන අධිකාරි පනතේ ඔව් අපි පිලිගන්නවා යම්කිසි නිර්ණායක තියෙන්න ඕන කොයි ආකාරයටද විකාශන කරනවා නම් ඒ කට්ටියට වාර්ෂිකව බලපත්‍රයක් නිකුත් කරන්න. කොයි ආකාරයට ද තමන්ගේ ආයතනය සහ අනිත් ආයතන තරගකාරීව ඒ විකාශන සිද්ධ කරන්නේ කොහොමද ඒකාධිකාරියක් ගොඩනඟා ගන්න බැරි වෙන විදිහට මේ අවස්ථාව ලබා දෙන්නේ කොහොමද තමන්ගේ මතය අනිත් අයගේ මතයට අගෞරව නොවන විදියට ඉදිරිපත් කරන්නේ යන ආදී වශයෙන් ලෝකයේ පිළිගත්ත රාමුවක් ඇතුලේ කොහොමද ඉදිරියට අරගෙන යන්නේ.

සමහර බලපත්‍ර දීලා තියෙනවා ඒ වගේ පිටු 2යි. සමහර බලපත්‍ර වල පිටු 32යි. සමහර බලපත්‍ර නිවුස් කරන්න පුළුවන් සමහර බලපත්‍ර වල එහෙම කරන්න බැහැ. මේ එක එක කට්ටියට ඕන ඕන විදිහට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා ඒකත් ගුවන් විදුලි සංස්ථාවේ බලපත්‍රයට ප්‍රකාරව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ බලපත්‍රයට ප්‍රකාරව බැහැ ඊට වඩා විනිවිදභාවයක් තියෙන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. උදාහරණයක් හැටියට අපි දන්නවා ලෝකයේ දැන් තියෙන ක්‍රමවේදය තමයි මේවා ඔප්ෂන් කරනවා එහිදී එය කාට හරි ලබාගන්න පුලුවන් නමුත් එහෙම දෙයක් මෙහි සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා යහපාලනය වෙනුවෙන් යම්කිසි විදියකට මේකෙ තරගකාරීත්වය පවත්වාගෙන යන්න එක පැත්තකට වෙළෙඳපොළ ක්‍රියාත්මක වෙන්නේ යන ආදී ධනාත්මක දේවල් වෙනුවෙන් විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් කාලයක් තිස්සේ කතා වුණා. හැබැයි මේ අපිට ලැබිල තියෙන කෙටුම්පතේ තියෙන දේවල් දැක්කම ඇත්ත වශයෙන්ම මේ උත්සාහ කරන්නේ මොකක්ද කියන එක පැහැදිලිව අපිට පේන්න තියෙනවා.

එහි ව්‍යවස්ථාවට අනුව සත්‍ය තොරතුරු ජනතාවට ලබා දෙන්න ඕන කියලා තියෙනවා. කතා කිරීමේ අයිතිය ගැන තියෙනවා. ඒ වගේම වාර්ෂිකව බලපත්‍ර ලබා දෙන්න ඕන කියලා තියෙනවා. ඊට පසුව සියලුම electronic broadcasting service එකක්ම නියාමනය කරන්න ඉලෙක්ට්‍රොනික් board casting සර්විස් එකක්. මෙහිදී සමහරු හිතනවා රේඩියෝ කියලා නමුත් එහෙම නෙමෙයි සියලුම දේ ගොනු වන විදියට තමයි නියාමනය කරන්න අයිතිය දීලා තියෙන්නේ අධ්‍යාපනය වැනි දේවල් සම්බන්ධයෙන් ගුණාත්මක භාවය වැඩි කිරීම ඒ වගේ අපට ප්‍රශ්නයක් නැහැ.

ආගම් බහු ජාතීන් ඉන්න රටක එයට හානි නොවන විදිහට තමන්ගෙ විද්‍යුත් විකාශන සිද්ධ කරන්න ඕන කියලා තියෙනවා. නමුත් මේකෙ තියෙනවා ආධ්‍යාත්මික ගුණාත්මකභාවය ශක්තිමත් කරන්නත් මේ කට්ටියට තීරණය කරන්න පුළුවන් කියලා.මේකෙ තියෙනවා විකාශනය කරන කොට කිසිම විදියකට ජාතික ආරක්ෂාවට සහ ජාතික ආර්ථිකයට සහ නීතිය හා සාමය කඩ නොවන විදියට සියලුම විකාශන ඉදිරිපත් කරන විද්‍යුත් ආයතන සහ අනිකුත් ආයතන වගබලා ගන්න ඕන කියලා .මේකෙන් කියන්නේ ජාතික ආර්ථිකය පිළිබඳව නොයෙක් අදහස් නොයෙක් පුද්ගලයන්ට තියෙනවා ඒ අදහස් ඉදිරිපත් කරනකොට ඒක රටේ සාමයට යම්කිසි විදියකට බාධා වෙනවා කියලා අධිකාරිය තීරණය කළොත් අධිකාරියට පුළුවන් මේ ලයිසන් එක cancel කරන්න .ජාතික ආර්ථිකය ගැන ජනතා විමුක්ති පෙරමුණට එක මතයක් තියෙනවා යූඑන්පී එකට තව මතයක් තියෙනවා පොහොට්ටුවට තව මතයක් තියෙනවා කොමියුනිස්ට් පක්ෂයට තව මතයක් තියෙනවා අපිට තව මතයක් තියෙනවා එතකොට මේ මත ප්‍රකාශ කිරීමේ නිදහස අපට තියෙන්න ඕන.

ජාතික ආර්ථිකය පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තීරණ ගන්න එක කිසිම විදිහකට අධිකාරියකට ලබා දෙන්න බැහැ.අපි කවුරුත් දන්නවා ඒ සත්‍ය තොරතුරු ජනතාව අතරේ බෙදී ගියේ නැත්නම් එක පැත්තකට අවශ්‍ය දේවල් විතරක් නම් ගොබෙල්ස් න්‍යාය හරහා ඉදිරිපත් කරන්න යන්නේ එහෙමනම් කොයි ආකාරයෙන් මේක කෙළවර වෙයිද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද කවුරුත් දන්නවා මාධ්‍ය හරහා සත්‍ය තොරතුරු ජනතාවට ගලා යන්නේ නැත්නම් එතන තමයි ප්‍රජාතන්ත්‍රවාදයට වදින ලොකුම පහර තියෙන්නේ එහිදී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුත්තක් කරන්න තමයි මේ පනතෙන් සූදානම් වෙන්නේ කෙනෙක් පිළිබඳව අපිට ලොකු සැකයක් තියෙනවා .නමුත් මේකෙන් බලාපොරොත්තු වන දේ ඉටු වුණේ නැත්නම් ඕන වෙලාවක කාගෙහරි පැමිණිල්ලක් කළොත් ඒක investigate කරලා ඒ කට්ටියට පුළුවන් තාවකාලිකව බලපත්‍රය අත්හිටුවන්න හෝ අවලංගු කරන්න පුළුවන් කියලා.දැන් බලපත්‍ර අවලංගු කරන්න පුළුවන් ජාතියෙ බලයක් මේ කට්ටියට දෙනවා නම් මේක objecting නෙවෙයි subjecting පුද්ගලයො හතර පස් දෙනෙක් තමයි මේක තීරණය කරන්නේ. අපි දැක්කා සමහර සිනමා කෘති එලියට එනකොට සෙන්සර් බෝඩ් එකක් කියලා එකක් තියෙනවා ඒකට පත්වෙන ඇමතිවරයාගේ ගෝලබාලයන්ට ඕන ඕන විදිහට ඒවා සෙන්සර් කරන්න ඕන කාලෙන් කාලෙට ඒවා වෙනස් වෙනවා ඒ වගේ sensor කරන්න ගියොත් එහෙම නාලිකාවලින් මොනවද පෙන්නන්නේ කියලා ලංකාවෙ තියෙන සියලුම විද්‍යුත් නාලිකා ඔක්කොම සමාජ මාධ්‍ය වල යනවා. එතකොට කෙනෙක්ට ඒ බලය දෙන එක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් නෑ ත්‍රස්ත විරෝධී පනතින් කරගන්න උත්සාහ කරලා බැරි වෙච්ච නිසා මේ හරහා ගෙන්න යන බව තමයි පේන්නේ.

මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකරන මාරු පහරක් ලෙස අර්ථ දැක්වූ හර්ෂ ද සිල්වා මහතා මෙවැනි පනත් ගෙන ඒම වලක්වන ලෙසත් එසේ නොකිරීමෙන් පක්ෂයක් ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට මහජනයා සමග පුළුල් ක්‍රියාමාර්ග වලට යන බව පැවසිය.