සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ කණ්ඩායමට උනුත් එකයි මුනුත් එකයි යන සංකල්ප අදාළ නොවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ඉදුණිල් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති රටට නොගැලපෙන නිසා එජාපයෙන් ඉවත් වී සමගි ජන බලවේගය ගොඩනැගු බවද මන්ත්‍රීවරයා පැවසීය .

අරක්කු ව්‍යාපාර නොමැති, එතනෝල් ව්‍යාපාර නොමැති, ස්ත්‍රී දූෂකයන් නොමැති කණ්ඩායමක් සිටින එකම පක්ෂය , නැවුම් පක්ෂය සමගි ජන බලවේගය වන බවද තුෂාර ඉදුණිල් මහතා කියා සිටියේය .

සමගි ජන බලවේගය සංඝ වෙද ගොවි ගුරු කම්කරු පංච මහා බලවේග අගයමින් සියලු ජාතීන් අතර සමගියෙන් කටයුතු කරන නැවුම් දේශපාලන ව්‍යාපාරයක් බවද කියා සිටියේය .

ඉදීරියේදී මැතිවරණයකදී චම්පික රණවක මහතා ද සමගි ජන බලවේගය සමග එක්ව දිගටම කටයුතු කරන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළ සිටියේය .

නායකයන් රාශියක් සිටින සමගි ජන බලවේගය පවුලේ පක්ෂයක් නොවන බවද පවසා සිටි තුෂාර ඉදුණිල් මන්ත්‍රීවරයා කියා සිටියේ ප්‍රේමදාස මහතාට ඔටුනු පැළදීමට කුමාර වරුන් නොමැති බවත් ඔටුනු පැළදීමට ඇත්තේ රටේ ජනතාවට බවයි .

මේ බව කියා සිටියේ පසුගියදා රුපවාහිනි මාධ්‍ය වැඩසටහනට එක් වෙමිනි .