මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා සහීඩ්, එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් කලීල්, සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අලි ෆයිස්, යන මහත්වරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුනා.

ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එය වඩාත් ශක්තිමත් කරලීම සඳහා ගතයුතු පියවර පිළිබඳවද වැඩි අවධානයක් යොමු කෙරුනා.