ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වත් රනිල් වික්‍රමසිංහ මහතාට වත් ආණ්ඩුව තුළ බලයක් නොමැති බවත් ආණ්ඩුවේ කෙවිට අතේ තියාගෙන ඉන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.

වැඩි දුරටත් පැවසු මන්ත්‍රීවරයා ,

“පසුගියදා නියෝජ්‍ය කථානායක ධූරය තෝරන ඡන්දය වෙනකොට බොහොම පැහැදිලියි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වත් රනිල් වික්‍රමසිංහ මහතාට වත් ඒ තුළ බලයක් නැහැ කෙවිට අතේ තියාගෙන ඉන්නේ බැසිල් රාජපක්ෂ කියන එක පැහැදිලිව දැක්කා රාජපක්ෂවරුන්ගේ බලය තවම අඩු වෙලා නැහැ කියන එකත් දැක්කා පොඩි කාලෙකට ප්‍රධාන රාජපක්ෂවරු පසෙකට ගියාට නියෝජ්‍ය කථානායක ධුරයට රාජපක්ෂ වරයෙක්ගේ නමක් යෝජනා කරලා ජයග්‍රහණය කරවන්න පුළුවන් පදනම තියෙනවා කියන එක පැහැදිලියි.

රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමෙන් සිදු වුණේ එළියටවත් බැහැගන්න බැරුව බිංගෙයක් හැංගිලා ආරක්ෂව සිටිය රාජපක්ෂවරුන්ට නැවත විශ්වාසයෙන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් පසුබිම නිර්මාණය කර දීමයි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කඳවුරේ අය කියනවා ඉතා වැඩි දවසක් නොගොස් එතුමා ජනාධිපති වෙනවා කියලා ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ තමා මේකෙන් අස්වෙලා යෑමේ සූදානමක් ගැන මෙවැනි තාවකාලික තෘප්තියක් තමයි හැම තැනම තියෙන්නෙ උපස්ථාන කූලව ඉන්න විධායක ජනාධිපතිවරයා මියගියොත් හෝ ඉල්ලා අස් වුණොත් ඊළඟට ඉන්න අගමැතිවරයා තාවකාලිකව පාර්ලිමේන්තුවේ බහුතරය ඉතුරුවෙලා තියෙන සීමිත දින ගානට ජනාධිපතිවරයෙක් පත් කර ගන්නා තුරු අගමැතිවරයා වැඩ බලනවා ඒ ආකාරයට ඩ බලන්න රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙලා හිටිය ට අවසානයේ පාර්ලිමේන්තුවේ ඉතුරු දින ගණනට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සතියක් දෙකක් මේ යෝජනාව වෙනකන් වැවේ වැඩබලයි ඊට පස්සේ නියත වශයෙන් බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වීමේ අවදානමක් තියෙනවා මේ රාජපක්ෂ පවුලේ අසාර්ථකම සහ රටේ ජනතාවට පිලිකුල් නායකයා බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වීමේ අවදානමක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරා මේ සංදර්ශනය අවසානය වෙන විට කාටත් ජය ගන්න පුළුවන් වෙයි කියන ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ කඳවුරෙන් පම්පෝරි ගහනවා”

යනුවෙන් අද (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .