සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ ඩයනා ගමගේ, ඇයගේ පුරවැසිභාවයේ තිබෙන ගැටලුව යටපත් කිරීමට ආණ්ඩුව සමග එක්වූ බවත් ඇය 2004 වසරේ සිට එංගලන්තයේ පුරවැසිභාවය ලබාගෙන ඇති අතර ඇයගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අවලංගු වී ඇති බවත් අධිකරනයෙන් ඔප්පු වී ඇති බව ඊයේ (26) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි නීතිඥ බලවේගයේ නියෝජිත නීතිඥ රජිත ලක්මාල් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ හුදෙක්ම ඩයනා ගමගේ ශ්‍රී ලංකේය පුරවැසියකු නොවන අතර ඒ පිළිබඳව සිදුකෙරෙන නඩු විභාගයේදී සත්‍ය හෙළිදරව් කිරීමට එකහෙලාම සමගි නීතිඥ බලවේගය පෙනීසිටින බවත්ය.

ජනතාව තම අයිතිවාසිකම් දිනාගැනීමට හඬ නැගීමේදී අනීතික රනිල් වික්‍රමසිංහ පාලන තන්ත්‍රය විසින් මර්දනය පමණක් ක්‍රියාත්මක කරන බවත් අයිතිවාසිකම් දිනා ගැනීමට මිල්කෝ සමාගම සමඟ එකඟ වූ පරිදි සාකච්ඡාවකට ඉදිරිපත්වූ ඉදිරිපත් වූ වෘත්තීය සමිති නායකයින් කිහිප කිහිපදෙනෙක් අනීතික ලෙස අත්අඩංගුවට ගත් බවත් තම අයිතිවාසිකම් දිනාගැනීමට විරෝධතා දැක්වූ ගුරු විදුහල්පතිවරුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් මර්දනය කළ බවත් රජිත ලක්මාල් මහතා අවධාරනය කරමින් කියා සිටියේ.