වැඩි කළ විදුලි බිලට එරෙහිව ඊයේ (26) දිනයේදීත් රට පුරා විරෝධතා පැවැත්වූ අතර, බම්බලපිටිය හන්දිය, ගම්පොල ඔරලෝසු කණුව ඉදිරිපිට, ගෙලිඔය නගරය,සීනිගම දේවාලය අසල, කුලියාපිටිය, වව්නියාව අධී නගර මධ්‍යයේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතා දක්නට ලැබුණා.

රට පුරා විරෝධතා රට පුරා විරෝධතා

කුලියාපිටිය නගරයේ තිබූ විරෝධතාව සමගි ජන බලවේගයේ ආසන සංවිධායක උපාලි පියසෝම මහතා විසින් සංවිධාන ‌කර තිබූ අතර පිරිස පන්දම් දල්වා ආණ්ඩුවට විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය අසලදීත් වැඩි කල විදුලි බිලට එරෙහිව සිසු විරෝධතාවයක් දක්නට ලැබුණු අතර එම පිරිස විසුරුවාහැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කරන ආකාරය දක්නට ලැබුනා.